Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 August 17
3,880
Views
උසේන් බෝල්ට් 2008 වසරේ සිට සහභාගි වූ ධාවන ඉසව් 74කින් 69ක ජයග්‍රහණය අත්පත් කරගැනීමට සමත් වූ අසමසම ක්‍රීඩකයෙක් ලෙසයි සැලකෙන්නේ.
මෙවර රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ලොව වේගවත්ම මිනිසා ලෙසින් යළි අභිෂේක ලබන්නට ජැමෙයිකානු සුපිරි කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් පසුගිය දා සමත් වුණේ අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් පරාජය කරමිනුයි.

උසේන් බෝල්ට්, අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් හමුවේ මෙවර පරාජය වන බව අනාවැකි පළ කර තිබියදී ඔහු ලබාගත් ජයග්‍රහණය පිළිබඳව ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

පසුගියදා රියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 තරග බිමට පැමිණි පසු උසේන්ට, ජස්ටින් ගැට්ලින් ‘හූ’ කී නිසා ඇතිවූ අර්බුධයක් පිළිබඳව මේ වන විට වාර්තා පළවී තිබෙනවා.

‘හූ’ කී නිසා තමන්ගේ ආවේගය මතුපිටට පැමිණීම පාලනය කරන්නට වෙනම වෙහෙසක් දරන්නට සිදුවූ බවයි උසේන් මේ වන විට අනාවරණය කර ඇත්තේ.

කෙසේනමුත් ‘හූ’ කී විට ඇතිවූ තමන්ගේ ආවේගය සහ මස්පිඬුවල වේදනාව දරාගනිමින් අධිෂ්ඨානයේ ශක්තියෙන් ගැට්ලින් පසුකරන්නට හැකිවූ බවයි උසේන් සඳහන් කර ඇත්තේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top