Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 July 28
2,307
Views
පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ  මහත්මියගේ  මන්ත්‍රීධුරය නැතිවෙන ලකුණු තියෙනවා කියල ආරංචියක් ඇවිත් තියෙනවා.

පුරවැසිභාවය පිළිබඳ පවතින ගැටලූ සහගත තත්වය මත තමයි මේ විදිහට ඇයට මන්ත්‍රීධූරය අහිමිවීමේ අවධානමක් මතුව තිබෙන්නේ.

කලකට පෙර විවාහය සමග ස්විට්සර්ලන්ත පුරවැසිභාවය ලබා තියෙන ගීතා මහත්මිය ද්විත්ව පුරවැසිභාවයට හිමිකම් කියනවා.

ද්විත්ව පුරවැසිභාවය  අත්හළ බවට කිසිදු ලියකියවිල්ලක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අනුව ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බවයි  ඇයගේ මන්ත්‍රි ධූරයට එරෙහි රිට් පෙත්සම විභාගයට ගනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජේ.සී.වැලිඅමුණ මහතා ඊයේ අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේ.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචානධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුවා.

පසුගිය අගෝස්තු 25 වන දින සිය ස්විට්සර්ලන්ත පුරවැසිභාවය අත්හැරීම සඳහා ස්විට්සර්ලන්ත බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති නමුත් මේ දක්වා එම ස්විස් බලධාරීන් ඇය එරට පුරවැසිභාවයෙන් ඉවත් කළ බවට සනාථ කරන කිසිදු ලියවිල්ලක් ලබාදී නැති බවත් කියවුණා.

ඒ අනුව ඇය තවමත් ද්විත්ව පුරවැසියෙකු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 සහ 91 වගන්තීන් අනුව ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොහැකිවීම හා මැතිවරණයකට නාම යෝජනා ඉදිරිපත් කළ නොහැකි බැවින් ඇයගේ මන්ත්‍රී ධූරය අහිමි කරන රිට් ආඥාවක් නිකුත් කෙරෙනු ඇතැයි මේ වෙද්දී ආරංචි වෙනවා.

වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 24 වැනි දින පවත්වන්නට නියමිතයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top