Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 June 09
1,480
Views
වාහනවල බදු වැඩි කිරීමත් එක්ක සමාජයේ ලොකු කතාබහක් වගේම එක එක පුද්ගලයෝ එක එක මත දරන්න පටන් ගත්තා.

සමහරු කිව්වේ වාහන වැඩි නිසා මේ විදිහට බදු වැඩි කරනවා කියලයි.
තවත් අය එක එක විදිහේ කතා කියන්න පටන් ගත්තා.

මේ ඔක්කොම අතරේ මේ දවස්වල කරලියට ඇවිත් තියෙන්නේ වාහනවල බදු වැඩි කරලා පොඩි මිනිහට පහර එල්ල කරනකොට මැති ඇමතිවරුන්ට කෝටි ගණන් වටින වාහන ගෙන්වනවා කියලයි.

මාධ්‍ය හමු කැඳවමිනුත් මේ දේවල් එක එක පාර්ශව විවිධ මත දරලා ඒවා සාධාරණීකරණය කරන්නත් උත්සහ ගන්නවා.

මේ කොහොම වුණත් අමාත්‍යාංශය මගින් ලබාදෙන නිල රථයට යන මුදල කලා කරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා යොදවන්න පාලිත තෙවරප්පෙරුම ඇමතිතුමා තීරණය කරලා තියෙනවා කියලා අපිට අහන්න ලැබුණා.

එතුමා ඒ බව සිය ෆේස්බුක් ගිණුමෙත් සටහන් කරලා තිබුණේ ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්තුමාට යවපු ලිපියකුත් එක්කමයි.

ඒ වගේම විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වත් අලුත් වාහනයක් ගන්න තමන් ඉල්ලුම් කළේ නෑ කියලා සිය ෆේස්බුක් ගිණුමේ දාලා තියෙනවා.

එතුමා කියලා තියෙන්නේ කලින් ඉදන් තමන්ට තියෙන වාහනයම දිගටම පාවිච්චි කරනවා කියලයි.

තවද රංජන් රාමනායක ඇමතිතුමත් තමන් රජයේ නව වාහන හෝ ඇමති නිල නිවාසයක් ලබානොගන්නා බව අමාත්‍යාංශයට දන්වා ඇති බව ට්විටර් අඩවියේදී ඔහුට නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සටහන් කරලා තිබුණා.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top