මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විදේශ ගතවී සිටි අවස්ථාවක් ඇඳුම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 21 ක මුදලක් වැය කර ඇති බව විමල් වීරවංශ මහතා පවසනවා.
ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ එවැනි මුදලක් වැය කළේ කාටද යන්න පිළිබඳව සොයා ගැනීමට එතුමාගේ මහ බැංකු කාර්යාලයට ගියා නම් අපහසු නොවන බවයි.
මේ පිළිබඳව මහ බැංකුවේ බොහෝ නිලධාරීන් දැනුවත්ව සිටින බවත් ඔහු පවසනවා.