Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 June 01
1,435
Views
තම පෙම්වතා සමග පැන ගිය අවුරුදු 21 තරුණියක් සියදිවි නසාගත් අවස්ථාවේදී ඇගේ සිරුර දෙමව්පියන් විසින් භාර නොගැනීමේ පුවතක් සීදුවෙන් අපිට අහන්න ලැබුණා. දෙමව්පියන්ගේ අකමැත්තෙන් පවත්වාගෙන ගොස් තිබූ එම ප්‍රේම සම්බන්ධතාවය නිසා ඇගේ සිරුර ලබාගැනීම ප්‍රතික්ෂේප කරඇති අතර පසුව රජයේ වියදමින් මිහිදන් කිර තිබෙනවා.

කටුනායක පැත්තේ නේවාසිකාගාරයක් තුල ඇය සියදිවි නසාගෙන තිබෙනවා.

මීරිගම කිතුල්වල පදිංචි ඇය නිවසින් පලාවිත් තම පෙම්වතා මගින් ලබාදුන් කටුනායක ප්‍රදේශයේ නේවාසිකාගාරයක ධනවත් පවුලක තරුණියක්‌ ලෙස රඟපාමින් ජීවත්ව ජීවිතය ගොනගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම නිවසේ හිමිකරුගේ රන් ආභරණ සහ මුදල් වරින්වර නැති වූ බවට මෙම සිද්ධියට අදාළව අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තාවේද සඳහන් වනවා.

.පසුගිය දිනක ඇය සිය නේවාසිකාගාරය තුළ එල්ලී දිවි හානිකරගෙන ඇති අතර මියගිය තරුණියගේ පෙම්වතා සිරුර භාරගැනීමට ඉදිරිපත් වුවත් එම සිරුර භාරගැනීමට අයිතියක්‌ ඔහුට නොමැති බවට පෙම්වතාට හදිසි මරණ පරීක්‍ෂකවරයා විසින් දැනුම් දී තිබෙනවා.

පසුව මෙම තරුණියගේ සිරුර රජයේ වියදමින් මිහිදන් කිරීමට මීගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top