Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 May 31
3,758
Views
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වූ තිලකරත්න දිල්ෂාන් ක්‍රීඩාවෙන් සමුගෙන ඕස්ට්‍රේලියාවේ පදිංචියට යෑමට සූදානම් වන බවට ක්‍රිකට් ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු ආරංචි වනවා.

මේ පිළිබඳව ඔහු තවමත් නිල වශයෙන් දැනුම් දී නොමැති අතර මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා පිලේ එංගලන්ත සංචාරයෙන් පසුව බොහෝ දුරට මෙය සිදුවනු ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

එමෙන්ම විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ රටේ ගොසිප් අප වෙත වාර්තා වුණේ එංගලන්ත සංචාරයේ එක්දින තරඟාවලිය සඳහා දිල්ෂාන්ට සහභාගී නොවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

මේ හේතුවෙන් ආබාධයක් යැයි පවසමින් දිල්ෂාන් මෙම තරඟාවලියෙන් ඉවත් වී යෑමට බොහෝදුරට ඉඩ ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

දිල්ෂාන් මේ වන විට ටෙස්ට් පිටියෙන්ද සමුගෙන ඇති අතර ඔහු ශ්‍රි ලංකාව වෙනුවෙන් මේ වන විට ක්‍රීඩා කරන්නේ එක්දින හා විස්සයි විස්ස තරඟ පමණි.

ලැබෙන ආරංචි අනුව ලංකාවේ ඇති නිවෙස් කිහිපයද අතහැර ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන අතර මේ පිළිබඳව ඔහු ඉදිරියේදී නිල වශයෙන් දැනුම් දෙනු ඇති බවයි ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top