Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 May 24
1,568
Views
අරනායක මිනිසුන් සියයකට අධික පිරිසක් පණ පිටින් මිහිදන් වූ පුවත ඇසුණු වාරියපොල, පාදෙනියේ වේපත් අන්ග ගම්මානයේ කපුරු බණ්ඩා එදිරිසිංහ මහතා තමන්ට අයත් අක්කර තුනක ඉඩමක් අරනායක විපතෙන් දිවිගලවා ගත් මිනිසුන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සිතුවේය. ඔහු ඒ බව විහාරස්ථානයේ ලොකු හාමුදුරුවන්ට දැනුම් දුණි.

මේ වන විට එහි කටයුතු සිදු වෙමින් පවතින බවට දැනගන්නට ලැබේ. කපුරු බණ්ඩා මහතා වතුහිමි ධනපතියෙකු නොවේය. ඔහු වෘත්තියෙන් පෙදරේරුවෙකි. ඔහුට දීග දීමට ගැහැණු දරුවන් දෙදෙනෙකිද සිටී.

ඒත් මේ මහ පොළොව නුහුලන විපත දුටු කපුරු බණ්ඩා මහතා තමන් අමාරුවෙන් හරි හම්බ කර ගෙන මීට කලකට පෙර මිළදී ගත් ඉඩමෙන් අක්කර තුනක කොටසක් දන් දීමට ඔහු මේ වන විට ලක ලැස්ති වෙයි.

එහෙත් කපුරු බණ්ඩා මහතා මේ බව මීඩියාවලට ප්‍රසිද්ධ කොට නැත. ලොකු බැනර්වල ඔහුගේ රුව ගසා ප්‍රදර්ශනය කොට නැත.

"මේක මගේ හිතට පහළ වුණු බෝසත් සිතුවිල්ලක් මහත්තයෝ" මේ කපුරු බණ්ඩා මහතා කී කතාවකි.

සියල්ල ජනප්‍රිය උදෙසා සිදු කරන මොහොතක කපුරු බණ්ඩා මහතා සමාජයට කියා දුන් පාඩම මිළ කළ නොහැකිය.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top