Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 May 09
6,624
Views
රඟපාන්න හම්බවුණේ අහම්බෙන්.. Teacher කෙනෙක් වෙන්නයි ආසාව තිබුණෙ.

අහම්බෙන් නිරූපණ ක්ෂේත්‍රයට පැමිණි ෂර්මිලා මේ වෙද්දි නිරූපණ ක්ෂේත්‍ර යෙන් රංගන ක්ෂේත්‍රයටත් යොමුවෙලා. ෂර්මිලා රඟපෑ පළමු ටෙලිනාට්‍ය හෙට අනිද්දා විකාශය වෙන්න නියමිතයි කියලා තමයි ෂර්මිලා අපිට කිව්වෙ. ඒ ගැන වගේම ෂර්මිලාගේ තවත් තොරතුරු දැනගන්න රටේ ගොසිප් අපි ෂර්මිලාට කතා කළා.

 
ෂර්මිලා කොහොමද මේ කලාවට යොමුවුණේ..?
මම මුලින්ම අර්ජුන රූකාන්තගේ සංගීත වීඩියෝවක රඟපෑවා. කාන්තා පුවත්පත්වල cover page වගයක් කළා. ඒ හැරෙන්න වෙළඳ දැන්වීම්වලට කතා කළා. කලාවට යොමු වෙන්න හිතුවෙ නෑ. අහම්බෙන් වගේ සිද්ධ වුණ දෙයක්. ඒත් කලාව තුල දිගටම රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ.

පොඩි කාලේ ඉඳලා නිළියක් වෙන්න ආසාවක් තිබ්බද..?
ටිකක් තිබුණා.. හැබැයි Teacher කෙනෙක් වෙන්න තමයි හිතාගෙන හිටියෙ.

ලස්සන විතරක් ඇතිද නිළියක් වෙන්න..?
ලස්සන කියන එක සාධකයක් විතරයි. talent එක උනන්දුව කැප කිරීම තිබ්බොත් නිළියක් වෙන්න පුළුවන්.

මේ වෙද්දි ටෙලිනාට්‍ය, වෙළඳ දැන්වීම් කීයකට විතර පෙනී ඉඳලා තියෙනවද..?
මම ජෝසප් ජෙරම් පෙරේරාගේ ටෙලිනාට්‍යක් කළා. ඒක ඉදිරියේදි විකාශය වෙන්න නියමිතයි. teledrama වලට ගොඩක් ආරාධනා එනවා. ඒත් මම පදිංචි වෙලා ඉන්නෙ Kandy නිසා Colombo ඇවිත් ඒ වෙනුවෙන් නතර වෙලා ඊට කාලය යොමු කරන්න අපහසු නිසා දිගටම කරන්නෙ නෑ. ඒත් advertismant, visual නම් Free Time එකක් ලැබුණාම කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙද්දි advertismant 5 කට වගේ ඉඳලා තියෙනවා.

ෆිල්ම් වලට ආරාධනා ඇවිල්ලා නැද්ද තාම..?
films වලටත් ආරාධනා ලැබෙනවා. ඒත් අපේ ගෙදරින් මම රඟපානවට ටිකක් අකමැති නිසා දැනට ඒවා භාර ගන්නෙ නැහැ.

නවක නිළියකට ප්‍රධාන චරිතයක් ගන්න නම් අධ්‍යක්ෂකවරුන්ට ලිංගික අල්ලස් දෙන්න වෙනවා නේද..?
මට නම් එහෙම දේවල් වෙලා නෑ.. තවම මම මේ ෆීල්ඩ් එකට අලුත් නිසා වෙන්න ඇති. අනික මම අඳුරන කෙනෙක් හරහා තමයි හැමදේටම සම්බන්ධ වෙන්නෙ. ඒ නිසා මට ඒ වගේ දේවල් වලට මූණ දෙන්න වෙලා නැහැ.

දැන් ඉන්න ගොඩක් Actress ලා Facebook එකෙන් නේද ජනප්‍රිය වෙන්නෙ..? ඔයත් එහෙමද..?
අනේ නෑ... මම යාලුවො අඳුර ගන්න මිසක් ජනප්‍රිය වෙන්න facebook use කරන්නෙ නැහැ.

ලංකාවේ ඔයා දකින විදිහට කවුද හොඳම නළුවා සහ නිළිය..?
මාලනි ෆොන්සේකා සහ උද්දික අයියා.  

නාමල් රාජපක්ෂ, විරාත් කෝලි, හේමාල් රණසිංහ තුන් දෙනාගෙන් ප්‍රේමආරාධනා ආවොත් කාටද කැමැත්ත දෙන්නෙ..
ලංකාවේ අය හම්බවෙනවානේ. විරාත් වගේ කෙනෙක් හම්බවෙන්නෙ නෑනේ.. ඒක නිසා කෝලිට කැමති වෙනවා.

ලංකාවේ ගොසිප් වෙබ් සයිට් ගැන මොකද හිතන්නෙ..?
මම ගොසිප් සයිට් වලට කැමතියි.. වරදක් නැහැ.

පවුලෙ විස්තර සහ අනාගත බලාපොරොත්තු මොනවද..?
ෆැමිලි එකේ ඉන්නෙ මමයි, නංගියි, මල්ලියි, අම්මා සහ තාත්තා. බලාපොරොත්තු... next year Marry කරන්න හිතාගෙන ඉන්නවා.

පෙම්වතා ගැනත් කියන්න..?  
පෙම්වතෙක් තවම නෑ... අවංක හොඳ කෙනෙක් හම්බවුණොත් කැමති වෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top