Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 April 29
6,950
Views
පෙම් සිහිනේ මධූෂා රිතික් රෝෂන් එක්ක රඟපාන්න කැමතියිලු.
පසුගිය දිනවල පෙම් සිහිනේ ගීත වීඩියෝවෙන් රටම හඳුනාගත් මධූෂා හේරත් මේ වෙද්දි නිරූපන ක්ෂේත්‍රයේ සෑහෙන ජනප්‍රියත්වයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මේ වන විට ටෙලිනාට්‍ය හරහා මෙන්ම වෙළඳ දැන්වීම් හරහාත් රූපවාහිනියේ නිතර දෙවෙලේ දකින්න ලැබෙන මධූෂාගේ අලුත්ම විස්තර දැනගන්න රටේ ගොසිප් අපි මධූෂාට කතා කළා.  
 
මධූෂා මෝස්තර නිරූපණයට මුලින්ම ආවෙ කොහොමද..?
වෙළඳ දැන්වීම් හරහා තමයි මුලින්ම ආවේ. පස්සෙ පෙම් සිහිනේ වීඩියෝ එකෙන් ගොඩක්ම හිට් වුණා.

ජනප්‍රිය මොඩ්ල් කෙනෙක් වෙන්න ඕනේ කියන එක පොඩි කාලේ ඉඳලම තිබ්බ හීනයක්ද..?
මම පොඩි කාලේ ආසවෙලා හිටියෙ එයාර් හොස්ටර් කෙනෙක් වෙන්න.. ඒත් ඒ හීනේ හැබෑ කරගන්න බැරිවුණා.

කසාදෙන් පස්සෙ මොඩ්ලින් කරන එකට හස්බන්ඩ් බලපෑම් කරන්නෙ නැද්ද..?
එයාගෙන් කිසිම අකමැත්තක් නැහැ. හැබැයි හැම දෙයක්ම කරන්න දෙන්නෙත් නැහැ. එයාගෙන් අහලා තමයි හැම දෙයක්ම කරන්නෙ. ලොකු හෙල්ප් එකක් දෙනවා එයා මට.  

මෝස්තර නිරූපණය කරන්නෙ විනෝදාංශයක් විදිහටද..? රැකියාව විදිහටද..?
විනෝදාංශයක් විදිහට තමයි කරන්නෙ.

බොලිවුඩ් ගිහින් රඟපාන්න ලැබුණොත් ඔයා කැමතිම නළුවා කවුද රඟපාන්න..?
මං කැමතියි රිතික් රෝෂන් එක්ක රඟපාන්න.

ධනුක, කාවිංග, හර්ෂන බෙත්තමගේ අතරින් කවුද වැඩියෙන්ම කඩවසම් නළුවා..?
තුන් දෙනාම මගේ යාළුවො..  ධනුක කඩවසම්..

මේ වෙද්දි මියුසික් වීඩියෝ.. වෙළඳ දැන්වීම් කීයකට විතර ඉඳලා තියෙනවද..?
මියුසික් වීඩියෝ නම් 30 ක් විතර. වෙළඳ දැන්වීම් 15 ක් වගේ.

ෆිල්ම් වලට ආරාධනා ඇවිල්ලා නැද්ද තාම..?
ෆිල්ම් වලට ආරාධනා ඇවිල්ලා තියෙනවා. හැබැයි මම කරන්නෙ නැහැ.

ගොඩක් අලුතෙන් එන අය කියනවා මේ ක්ෂේත්‍රයේ ඉහළට යන්න ඕනේ නම් ලිංගික අල්ලස් දෙන්න වෙනවා කියලා.. ඒක ඇත්තක්ද..?
ඒක ඉතිං තමන් ඉන්න විදිහට තමයි ඒක වෙන්නෙ. මට නම් කවුරුවත් එහෙම කතා කරලා නැහැ.

දැන් ඉන්න ගොඩක් Models ලා Actress ලා Facebook එකෙන් ජනප්‍රිය වෙන අය.. මධුෂාත් එහෙම කෙනෙක්ද..?
මං ෆේස්බුක් එකෙන් ජනප්‍රිය වෙලා නැහැ. මම ජනප්‍රිය වුණේ මං කරපු දේවල්වලින්.

ලංකාවේ ගොසිප් සයිට් ගැන මොකද හිතෙන්නෙ..?
ලංකාවේ ගොසිප් සයිට් නම් කියලා වැඩක් නෑ.. හොඳ නිවුස් ලැබෙනවා. ඇත්තටම ඒ ගැන මට කියන්න දෙයක් නෑ.

කසාද බඳින්න කලින් විරාත් කෝලි, එන්රිකේ, නාමල් රාජපක්ෂ තුන් දෙනාගෙන් ප්‍රේම ආරාධනා ආවා නම් කාටද කැමති වෙන්නෙ..?
මං රිතික් රෝෂන්ට කැමති වෙනවා.. ඒත් දැන් නම් මම කසාද බැඳලානේ.

අපේ රටේ ඊළඟ ජනාධිපති වෙන්න ඕනේ කවුරු කියලද මධූෂා හිතන්නෙ..?
පොලිටිකල් පැත්ත ගැන එච්චරම දන්න කෙනෙක් නෙමෙයි.. ඒකට මට උත්තරයක් දෙන්න අමාරුයි.
 
දැන් කසාද බැඳලා කොච්චර කල්ද..? කොහොමද පවුල් ජීවිතේ..?
මගේ හස්බන්ඩ් සජිත හේරත්..  අපි කසාද බැඳලා දැන් අවුරුද්දක් වෙනවා.. හරිම සතුටින් අපි ජීවත් වෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top