Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 April 22
1,517
Views
අතිශය ජනප්‍රිය, ගෞරවණීයත්වයට පත්වූ බටහිර පොප් සංගීත ලෝකයේ විප්ලවකාරි කුමාරයා - ප්‍රින්ස් වයස අවුරුදු 57 ක්ව සිටියදී ඇමරිකාවේ - ටිනසෝටා හි සිය නිවසේදී ඊයේ (21) අභාවප්‍රාප්ත වුණා.
ඔහුගේ පේස්ලි උද්‍යාන මන්දිරයට හදිසි වෛද්‍ය කණ්ඩායමේ ගෙන්වා ගැනීම සදහා පොලිසියට ද ඇමතුමක් ලැබුණු අතර ඒ පිළිබදව පරීක්ෂණයක් ද ආරම්භ වුණා.

ඔහුගේ මෘත ශරීරය හමුවී ඇත්තේ සිය මන්දිරයේ සෝපානයක් තුලයි. කෙසේ නමුත් ප්‍රින්ස්ගේ මරණයට හේතුව මෙතෙක් ප්‍රකාශයට පත්වී නැහැ.

පසුගිය අප්‍රේල් 15 වැනිදා ඔහු වේදිකාව මත සංදර්ශනයකට සහභාගි වද්දී හදිසියේ රෝගාතුර වී ඇති අතර පසුව ඔහු නිවසේ විවේකයෙන් සිටීම සදහා රෝහලෙන් නික්මුණේ තත්ත්වය යහපත්වීම හේතුවෙන්.

1958 වසරේ උපත ලද ප්‍රින්ස් රොජර්ස් නෙල්සන් හෙවත් පොප් සංගීත ලෝකය හඳුනාගත් ප්‍රින්ස් සුපිරි තරුවක් බවට පත්වන්නේ 1980 දශකයේදීයි.

රොක්, ෆන්ක් සහ ජෑස් යන සංගීත විධි රැසකට පැතිරුණු ප්‍රින්ස්ගේ සංගීත නිර්මාණ හැකියාව මූර්තිමන් වන්නේ ඔහු තමාගේ සියලූ ගීත ලියා සංගීතය රචනය කොට නිෂ්පාදනය කිරීම හේතුවෙන් පර්පල් රේන් ඔහු සුපිරි තරුවක් කළ ගීත ඇල්බමයයි.

1984 වසරේදී ඊට ඔස්කාර් සම්මානය ද හිමිවුණා. නවමු සංගීත නිර්මාණ රැසක් ලොවට බිහිකළ ප්‍රින්ස්ගේ ගීත ඇල්බම මිලියන 100 කට වඩා ලොව පුරා අලෙවි වී තිබෙනවා.

2004 වසරේදී ප්‍රින්ස් රොක් ඇන්ඞ් රෝල් සංගීතයේ සදාතනික විශිෂ්ඨයන් අතරට නම් කෙරුණේ ඔහු රොක් සංගීතයේ රීතිය නැවත ලියූ නිසයි. වේදිකාව මත අපූර්ව රංගන ශිල්පියෙකු වූ ගායක ප්‍රින්ස්ගේ හදිසි අභාවය පිළිබදව ලොව පුරා සංගීතවේදීන් කම්පාවත් සංවේගයත් පළ කළා.

සුපිරි ගායිකා මැඩෝනා එහිදී සටහනක් තැබූයේ ප්‍රින්ස් සංගීත ලෝකයේ දාර්ශනිකයෙකු ලෙස හඳුන්වමින්.




Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top