Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 April 19
2,914
Views
පසුගියදා පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ට එල්ලවන ලිංගික බලපෑම් ගැන සොයා බලන්නට අවශ්‍ය බව දක්වමින් කතානායකවරයාද විශේෂ ප්‍රකාශයක් කර තිබුණා.

කෙසේ වෙතත් නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියට දිගින් දිගටම දුරකථනය මගින් අයුතු යෝජනා කරන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඇය පසුගියදා පොලිස් පැමිණිල්ලක්ද සිදු කර තිබෙනවා.

හිටපු ඇමති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ බිරිඳ මේන්ම වෛද්‍යවරියකද වන සුදර්ශනී මහත්මිය දෙදරු මවක්. ඇය නව රජය බිහිවීමෙන් පසු මෛත්‍රී පිලට එක්වී ඇමති ධූරයක්ද ලබා ගත්තා. ඇයට පසුගිය දින කිහිපය තිස්සේ දුරකථනය ඔස්සේ අයුතු යෝජනා ගෙන එන පුද්ගලයා ඇය සමග එක්වන්නට කැමති බවටත් විවාහ වන්නට කැමති බවටත් අනවශ්‍ය ලෙස යෝජනා ගෙනෙමින් කරදර හිරිහැර කරන බව ඇය කුරුදුවත්ත පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් .

අධිකරණ නියෝගයකින් තොරව අදාළ දුරකථන අංකය ගැන විමර්ශනය කළ නොහැකි නිසා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසිය කරුණු වාර්තා කරමින් දන්වා ඇත්තේ ඉකුත් 07 වැනිදා සිට මෙම නාඳුනන දුරකථන අංකය මගින් තමන්ට අනවශ්‍ය කරදයක් සිදුකරන බව අමාත්‍යවරිය පොලිසියට පැමිණිලි කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා එම තැනැත්තා කවුරුන්ද යන්න පිලිබදව සොයා බලන්නට අවශ්‍ය බවයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් කරුණු විමසීමෙන් පසු දුරකතන ඇමතුම ලබාදුන් අංකය සම්බන්ධ වාර්තා ලබා දෙන ලෙස දුරකතන සමාගමට නියෝග කර ඇති අතර ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top