Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 April 16
2,964
Views
Sheril Romen Dekker කියන්නේ කවුරුද් දන්න රුවන් හෙට්ටිආරච්චිගේ හිතගත්තු කෙනා. ජනප්‍රිය නිළියක් විදිහට ෂෙරිල් කාගේත් ආදරය දිනාගත්ත චරිතයක්.
 
රුවන්ගේ අකමැතිම සින්දුව ගැනයි, ෂෙරිල් සබීතා අක්කට වැඩියෙන්ම ආදරේ කරන හේතුව ගැනයි, රුවන්ගෙයි ෂෙරිල්ගෙයි විවාහය දෙදෙරා ගිහින් කියලා පැතිරෙන කතා ගැනයි සතිඅන්ත පුවත්පතකට ෂෙරිල් කියලා තිබුණේ මේ විදිහට.

කොහොමද ෂෙරිල්..?
හොඳින් ඉන්නවා.

පුංචි තිරයේ ෂෙරිල්ව දකින්න නැත්තේ දැන් ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙන්නේ නැති නිසාද..? නැත්නම් ෂෙරිල්ට රංගනය එපා වෙලා නිසාද..?
ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබෙනවා. හැබැයි මට හිතුනා දැන් ටෙලිවල රගපෑවා ඇති කියලා.

කලාවෙන් අයින් වෙන්නද ඔය ලෑස්ති වෙන්නේ.
නෑ. නෑ.. මම කලාවෙන් අයින් වෙලා නැහැ. දැන් ටෙලි නාට්‍ය රඟපාලා ඇති වගේ.. සිනමාවට දායක වෙන්න තමයි දැන් මම ආසාවෙන් ඉන්නේ. හොඳ දෙයක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.

ඔබේ තේරීම්වලට රුවන් තහංචි දාලද..?
නැහැ.. මම එයාටත් එයා මටවත් නීති දාගෙන නැහැ. රුවන්ට කලින් තමයි මම ක්ෂේත්‍රයට ආවේ. හරි වැරැද්ද මම දන්නවා. ඒ නිසා රුවන් මට තහංචි දාන්නේ නෑ.

ෂෙරිල් සිනමාවේ කැමතිම රංගන ශිල්පිනිය කවුද..?
මම සබීතා අක්කිට ගොඩක් කැමතියි.. එයාට මම පුදුම විදිහට ආදරෙයි. සබීතා අක්කි සිනමාවේ බැබලෙන චරිතයක්. මම අපේ පරම්පරාවෙන් ඒ තැනට යන්න ආසයි.. 

රුවන්ගෙ වීඩියෝවලට සම්බන්ධ වෙද්දි එකපයින්ම කැමති වෙනවද..?
සින්දුව අහලා තමයි මම කැමති වෙන්නේ. සින්දුව හොඳ නම් එයාට මාව ඕනේ නම් මම වීඩියෝවට සම්බන්ධ වෙනවා.

ෂෙරිල් අකමැති රුවන්ගේ ගීත මොනවද..?
රුවටුණ තරම් ගීතයට මම කැමති නැහැ.

රුවන් ඒ ගීතය ගායනා කළාම ෂෙරිල්ගෙයි රුවන්ගෙයි විවාහය දෙදරලා කියලා කටකතා පැතිරුණ නිසාද ඒ ගීතයට කැමති නැත්තේ.
ඒ නිසා නෙවෙයි.. මම ඒ ගීතයට කොහෙත්ම කැමති නැහැ. අපේ විවාහය කැඩිලා.. කැඩෙන්න යනවා . එක එක කතා යනවනේ අපිට මිනිස්සුන්ගේ කටවල් වහන්න බෑ. අපිට අයින් වෙන්න ඕනේ නම් ඒක අපේ කැමැත්ත ඒත් අපි හොඳින් ඉන්නවා. ඔය කතා හදන අයට අපි කියන්නේ අපිට ආශිර්වාද කරන්න කියලා.

රුවන්ගෙයි, ෂෙරිල්ගෙයි කැඳැල්ලට දරු පැටියෙක් දැන්මම ගේන්න අදහසක් නැද්ද..?
බලමු දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව හැමදේම සිද්ධ වෙයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top