Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 April 08
1,469
Views
සුපිරි බොලිවුඩ් නලු අක්ෂේ කුමාර් ලන්ඩනයේ ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ ලන්ඩනයේ හීත්‍රෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේදීයි.

ආරක්ෂක අංශ භාරයට ගැනුනු සුපිරි නලුවාගෙන් පැය එක හමාරක් පමණ ප්‍රශ්ණ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ.

ලන්ඩනයේ සිට ඉන්දියාවේ මුම්බායි නුවර දක්වා පැමිණීමට සුදානම්ව සිටි අවස්ථාවේදීයි ඔහු ආරක්ෂක අංශ භාරයට පත්වී ඇත්තේ.

අක්ෂේ කුමාර් සතුව තිබු වීසා බලපත්‍රයේ තිබු දෝශයක් හේතුවෙන් ඔහු මෙම සිදුවීමට මුහුණපා ඇතැයි සඳහන්.

ඉදිරියේදී පැමිණීමට නියමිත චිත්‍රපටයක රූගත කිරීම් සඳහා දින 15 ක කාලයකට අක්ෂේ කුමාර් ලන්ඩනයට පැමිණ තිබුනා.

ඔහු සිය පුහුණුකරුවා සමග යළිත් පැමිණීමට සුදානම් වු අවස්ථාවේදීයි හීත්‍රෝ ගුවන්තොටුපල බලධාරීන් වීසා ගැටලුව පිළිබඳ විමර්ශණ සිදුකර ඇත්තේ.

විමර්ශණ අවසන් වන තෙක් පැය එක හමාරක පමණ කාලයක් ඔහු සාමාන්‍ය මගීන් ගැවසෙන ස්ථානයේ රඳවා තැබීමට ද ආරක්ෂක නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

එහිදී ඔහුට ලන්ඩනයේ සිනමා රසිකයන්ගෙන් ද හිමිවී ඇත්තේ ඉහළ ප්‍රතිචාරයක්.

කෙසේවෙතත් වෙනත් ස්ථානයක තමා රඳවා තබන ලෙසට අක්ෂේ කුමාර් කල ඉල්ලීම ද හීත්‍රෝ ගුවන්තොටුපල බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති බවයි ඉන්දීය පුවත් සේවා සඳහන් කලේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top