Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 April 07
1,626
Views
ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා දෙදෙනා එක්ව මුම්බායි නුවර හෝටලයකදී රාත්‍රී ආහාරය ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා එහිදී දීර්ඝ සාකච්ඡාවක නිරතවී ඇති බවයි හෙළිවී ඇත්තේ. එම සාකච්ඡාවෙන් පසු විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා ඉතා සතුටින් සිටි බව ද ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කර තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ බිඳ වැටී ඇති ප්‍රේමය යළිත් ඇතිකර ගැනීමට ඔවුන් දෙදෙනා උත්සාහයක නිරත වෙමින් සිටින බවයි.

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා අතර පැවති ප්‍රේම සම්බන්ධතාව බිඳ වැටී ඇති බවටයි පසුගියදා ඉන්දීය මාධ්‍ය අනාවරණ කර තිබුනේ.

කෙසේ වෙතත් එම කරුණ සත්‍යයක් ද යන්න සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැහැ. ඔවුන් තමන් කැමති මාවතක් අනුගමනය කිරීමට තීරණය කර ඇති බවට ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබුනා.

ක්‍රීඩාවේදී විරාත් කෝලිගේ ඇතැම් පසුබැසීම්වලට හේතුව අනුෂ්කා ශර්මා බවටයි සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් චෝදනා කර තිබුනේ. ඊට ප්‍රතිචාර දක්වමින් විරාත් කෝලි සඳහන් කර සිටියේ එවැනි ප්‍රචාර පිළිබඳ තමා දැඩිව කණගාටුවට පත්වන බවයි.

කිසියම් තරුණියකට එවැනි ආකාරයෙන් චෝදනා කිරීම නුසුදුසු බවට ද ඔහු ප්‍රකාශකර තිබුනා. විරාත් කෝලි පසුගියදා අවසන් වු 20 යි 20 ලෝක කුසලාන තරගාවලියේ වීරයා සම්මානය ද හිමිකර ගත්තා.







Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top