Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 March 26
1,378
Views
ඉරාකයේ ඉස්කන්දරියා නුවර ඊයේ පැවැති පාපන්දු තරඟයකට එල්ල වූ අයි.එස්. මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එහිදී තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. බැග්ඩෑඞ් අගනුවරට කිලෝමීටර් 40ක් පමණ දකුණින් පිහිටි ඉස්කන්දරියා ෂියා මුස්ලිම් ජන කොටස බහුතරයක් වෙසෙන නගරයක්.

බටහිර සහ උතුරුදිග ඉරාකයේ විශාල ප්‍රදේශයක බලය පතුරුවා සිටින අයි.එස්.වරුන් බහුතරයක් සුන්නි මුස්ලිම්වරුන්. මේ නිසා ඔවුන්ගේ ප්‍රහාරවලදී ෂියා ජන කොටස විශේෂයෙන් ඉලක්ක කර ගැනෙනවා.

පාපන්දු තරඟයට ප්‍රහාරය එල්ල වී ඇත්තේ තරඟයේ ජයග්‍රාහී කුසලානය පිරිනමන අවස්ථාවේදී මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සිය බෝම්බය පුපුරුවා ගැනීමත් සමඟයි.

මෙහිදී ක්‍රීඩකයන් පිරිසක් මෙන්ම නගරාධිපතිවරයා ද ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top