Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 March 26
2,191
Views
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම පිළිබඳව තමන් දැඩිව දුකට පත්වන බව හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න ප්‍රකාශ කළා. ඒ, මහනුවර දිස්ත්‍රික් සන්ධාන නියෝජිත හමුව ඊයේ  අමතමින්. සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය එස්.බී. දිසානායක ඇතුළු පිරිසක් ඊට එක්වුණා.

තමන්ට කිසිදිනෙක පක්ෂය සමඟ තරහ වීමට නොහැකි බව ප්‍රකාශ කළ හිටපු අගමැතිවරයා තම ජීවිත කාලය කෙටි කලකින් අවසන් විය හැකි වුවත් පක්ෂය ආරක්ෂා විය යුතු බව සදහන් කළේ හැඬූ කඳුළින්.

ඊයේ පස්වරුවේ පැවැති මහනුවර දිස්ත්‍රික් සන්ධාන නියෝජිත හමුව උණුසුම් මුහුණුවරක් ගත්තේ ඊට එක්වූ නියෝජිතයන් ප්‍රශ්න විමසීමේදී අමාත්‍ය එස්.බී. දිසානායක මැදිහත්වීමත් සමඟයි. තත්ත්වය නිරවුල් කිරීමට සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර දැඩි පරිශ්‍රමයක් ගත්තා.  
 
අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ අදහස් පළ කළා. ඒ, නිදහස් පාක්ෂිකයන්ට සිදුවන පහරදීම් වළක්වා ගැනීම සඳහා ජාතික ආණ්ඩුවට එක්වූ බවට සන්ධාන මහලේකම්වරයා පසුගිය දා සිදුකළ ප්‍රකාශය ද සිහිපත් කරමින්. මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ අභියෝගවලට මුහුණදීමට නම් පළමුව ආණ්ඩුවෙන් ඉවත් වී පක්ෂයට පැමිණිය යුතු බවයි.

එහි වීඩියෝව පහතින්....



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top