Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 March 11
1,708
Views
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධුරය හිමිවීමෙන් පසුව පාර්ලිමේන්තුවේදී ඊයේ සිය පළමු කතාව සිදුකළා.

එහිදී ඔහු කියා සිටියේ යුද්ධය පැවති සමයේදී සිදුවූ ඇතැම් සිද්ධීන් ගැන විදේශ නිරීක්ශකයන්ගේ සහය ඇතිව විනිවිධ භාවයකින් යුතුව පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.
යුද්ධය මෙහෙයවූ හමුදාපතිවරයා ලෙස අනිවාර්යෙන්ම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ඒ සඳහා විදේශීය උපදේශකයන්ගෙන් සහය ලබාගෙන ලෝකයේ විශ්වාසය දිනාගැනීමට ඉඩ ලබාදිය යුතු බවද කියා සිටියා.

තමන් යුද්ධය මෙහෙයවූයේ නීතිරීතිවලට අනුකූලව බවත්, ඒවා කඩකළ අතලොස්සක් සිටියානම් ඔවුන්ට දඩුවම් ලැබිය යුතු බවත් ඔහු සඳහන් කළා.

සුදුකොඩි පරීක්ෂණය අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් ඔහු සඳහන් කළා. එම සිද්ධියේ ඇත්ත රටේ ජනතාව දැනගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවත් එහිදී ඔහු කියා සිටියා.
 
2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා දෙමළ ජනතාවගේ ඡන්දය තමන්ට ලබා නොදීමට ඩොලර් මිලියන දෙකක් ප්‍රභාකරන්ට ලබාදුන් බවත් ඔහු චෝදනා කළා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top