Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 March 10
1,835
Views
ෆේස් බුක් සමාජ ජාලය ඔස්සේ සිය බිරිඳ අලෙවි කිරීමට උත්සාහ කල 30 හැවිරිදි පුද්ගලයකු සොයා ඉන්දීය පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

ලබාගෙන ඇති ණය ගෙවීමට මුදල් නොමැතිකම හේතුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂයකට බිරිඳ අලෙවි කරන බවයි මෙම පුද්ගලයා ෆේස් බුක් වෙබ් අඩවියේ ඔස්සේ පවසා තිබුණේ.

මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පදිංචි සැකකරු මීට වරසර 4 කට පමණ පෙර විවාහ වී ඇති අතර මෙම යුවළට අවුරුදු 3 ක දියණියක් ද සිටිනවා.

 තමන්ව ෆේස් බුක් සමාජ ජාලය ඔස්සේ අලෙවි කිරීමට උත්සාහ කරන බවට ඇය විසින් පොලිසියට කල දැනුම්දීමකට අනුව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

වෙනත් ප්‍රදේශයක මෙම යුවළ දරුවා ද සමග පදිංචිව සිටියද මෙම පුද්ගලයාගේ ණය හේතුවෙන් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කාර්ගෝන් ප්‍රදේශයට පදිංචියට පැමිණ තිබෙනවා.

එහෙත් ඔහුගේ ණය ගැනීම්වල අඩුවක් නොමැති බවයි බිරිඳ පවසා ඇත්තේ.

ණය ලබාගෙන ඒවා නොගෙවීමේ පුරුද්ද හේතුවෙන් මෙම කාන්තාව විසින් සැකකරු නිවසින් එලවා දමා ඇතැයි ද සඳහන්. එම සිද්ධියෙන් පසුවයි මෙම පුද්ගලයා සිය බිරිඳ සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කිරීමට උත්සාහ කර ඇත්තේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top