Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 March 04
3,079
Views
කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයකට බලෙන් ඇතුළු වෙන්න උත්සහ කළා කියලා තවත් ප්‍රසිද්ධ පිරිමි පාසලක සිසුන් පිරිසක් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන.

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන මේ සිසුන් හතර දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පස්සේ රඳවා තබා ගැනීමටත් තවත් පස්දෙනෙකු මව්පියන්ගේ ඇපමත මුදාහරින්නත් නියෝග කරලා.
මේ බාලක විද්‍යාලයේ සිසුන් පිරිස බාලිකා විද්‍යාලයට ඇතුළු වීමට තැත් කරනවා කියලා කොල්ලුපිටිය පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට යද්දි පිරිසක් පැනලා ගියත් තවත් පිරිසක් කොටුකරගන්න පොලිසියට පුළුවන් වුණා.

මේ සිසුන් ගැන විස්තර එම බාලක විද්‍යාලයේ විදුහල්පති වෙත ලබාදෙන ලෙස කොල්ලුපිටිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිට නියෝග කරලා.

මේ නිසා ඊයේ ඉඳන් කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලවලට පොලිස් රැකවරණ ලබාදීමටත් පියවර අරන්.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top