Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 March 02
1,785
Views
උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍යවේදියෙකුට  අශීලාචාර ලෙස බැනවැදුණු හඬපටයක් සමාජජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා. පුවත්පත් ආයතනයක මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් විමසා ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ තාවකාලික කථිකාචාර්ය තනතුරකට තම හිතවතෙකු පත් කිරීම සඳහා ලිපියක් මඟින් ඉල්ලීමක් කර තිබේද යන්නයි.
 
විශ්වවිද්‍යාල හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ලිපි ශීර්ෂය යටතේ මෙම ලිපිය කැලණිය විශ්වවිද්‍යාලයේ අංශාධිපතිවරයාට යොමු කර ඇත්තේ පසුගිය 08 වෙනිදායි.

මෙම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ කේ.පී.ඩී.ඩී. අමරසිංහ යන අය තමන් හඳුනන පුද්ගලයෙක් බැවින් ඔහුගේ සුදුසුකම් සලකා බලා කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ තාවකාලික කථිකාචාර්ය තනතුර ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසයි.

මෙම සිද්ධිය අදාල සංවාදය පහතින්....

අර කැලණිය විශ්විද්‍යාලයට ඔබතුමා යවපු ලියුමක් සම්බන්ධව ඇමතිතුමා ඒ ලියුම ඔබතුමා යවපු එකක්ද?

පිළිතුර - ඒකෙ තියෙන්නේ සුදුසුකම් පරීක්ෂා කර බලානේ... ඇමතිවරයාට බලය නැද්ද අයිසේ ලියුමක් ලියන්න. විශ්වවිද්‍යාල පනත යටතේ ඇමතිවරයාට බලය තියෙනවා නිර්දේශ නිකුත් කරන්න. අයිසේ මේ මම කියන්නේ ඇමතිවරයාගේ........ නෙමෙයි තමුසේ විශ්වවිද්‍යාල පනත කියවලා තියෙනවාද? තමුසෙලා නිකං මේ කොනක් අල්ලගෙන. යහපාලන ආණ්ඩුව ආවට පස්සේ තමයි මේ බලතල පාවිච්චි කෙරුවේ නැහැ. ඒකයි වැරැද්ද. ගිය ආණ්ඩුව කාලේ මේ බලතල සම්පූර්ණයෙන්ම පාවිච්චි කෙරුවා. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු මේකද........ මහින්ද රාජපක්ෂ කාලේ උඩ බලාගෙනනේ හිටියේ.

සම්පූර්ණ හඬපටය ඇතුලත් වීඩියෝව පහතින්....

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top