Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 March 01
1,700
Views
ඊයේ පැවැති නඩු විභාගයක් අතරතුර කිසිම ගරුසරුවක් නැතිව උසාවියට පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට උසාවි සම්ප්‍රදායන් කියාදී දැඩි ලෙස අවවාද කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කටයුතු කර තිබෙනවා.

මෙසේ උසාවියට ආචාර නොකර පැමිණි හිරුණිකා  උසාවි  ගර්භය තුළ තම පසෙකින් සිටි මිතුරියක් සමඟ සිනා සිසී නොගැලපෙන අයුරින් හැසිරී තිබෙනවා.
මෙය නිරීක්ෂණය කල එක් විනිසුරුවරියක් නඩු විභාගය මදකට නවතා  ඇයව ඉදිරියට කැදවා  උසාවියට නොමනා එම හැසිරීම පිළිබද නිදහසට කරුණු විමසා තිබෙනවා. හිරුණිකා පවසා ඇත්තේ තමන්  ප්‍රමාද වී පැමිණියේ නීතීපති හමුවීමට ගොස් පැමිණ නිසා බවත් එන විට තමන්  උසාවියට ආචාර කර පැමිණි බවයි.

එහි දී අධිකරණය සඳහන් කර සිටියේ අධිකරණය විසින් සියලුම දේ පරීක්ෂා කරනු ලබන බවත් තමන් අධිකරණයට ගෞරව නොකළ බව අධිකරණයට අධීක්ෂණය වී අවසන් නිසා මේ පිළිබඳව සෑහීමකට පත් නොවන බවයි.

එසේම නැවත වරක් මේ ආකාරයෙන් හැසිරුණහොත් හිරුණිකාට එරෙහිව අවවාද කිරීමකින් තොරව දැඩි නීතිමය පියවර ගන්නා බවත් මේ අවසන් අවවාද කිරීම බවත් අධිකරණය තරයේ පැවසීය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top