Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 February 27
1,493
Views
පස්හැවිරිදි කුඩා දරුවෙක් පොලිතින් බෑගයකින් සකස් කරගත් ජර්සියක් පැළඳ පාපන්දු ක්‍රීඩාවේ නිරතවන ඡායාරූප කිහිපයක් පසුගියදා අන්තර්ජාලය පුරා පැතිර ගොස් තිබුණා.
ඒ පාපන්දු තරුවක් වන ලයනල් මෙසීගේ අංක 10 සදහන් ජර්සියක් අනුකරණය කරමින්.

 
 
මෙය පැතිර යාමත් සමග ඇෆ්ගනිස්ථාන ජාතික මෙම දරුවාගේ සිහින පාපන්දු ශූරයා වූ ලයනල් මෙසීගෙන් තෑගි පාර්සලයක් ලබන්නත් ඔහු වාසනාවන්ත වෙලා.

පස් වතාවක් ලොව හොඳම පාපන්දු ශූරයා ලෙස කිරුළ හිමිකරගත් ලයනල් මෙසී එයාගේ අත්සනින් යුත් අංක 10 දරණ පාපන්දු ජර්සියක් හා පන්දුවක් ඇතුලත් තෑගි පාර්සලයක් පස්හැවිරිදි මුර්ටාසා නම් මේ කුඩා පාපන්දු ලෝලියාට පසුගියදා එවා තිබෙනවා.

ඇෆ්ගනිස්ථානය යුනිසෙෆ් කාර්යාලය හරහා කුඩා මුර්ටාසා මෙම විශේෂ තෑගි පාර්සලය ලබාගැනීමෙන් පසුව ඔහු, මම මෙසීට ආදරෙයි. මට ලැබුණු මේ කමිසය කියන්නේ මෙසීත් මට ආදරේ බව, යනුවෙන් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.





Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top