Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 February 25
1,830
Views
ජොන්සන් බේබි පුයර (Johnson's Baby Powder) භාවිතය හේතුවෙන් පිළිකාවක් වැළදී මියගිය කාන්තාවක් වෙනුවෙන් අමෙරිකන් ඩොලර් මිලියන 72 ක වන්දි මුදලක් ලබා දෙන්නට මිසුරි ප්‍රාන්ත අධිකරණය ජොන්සන් සහ ජොන්සන් සමාගමට නියෝග කර තිබෙනවා.

බර්මින්හැම්, ඇලබාමා හි ජීවත් වූ ජැකොලින් ෆොක්ස් වසර 35 කට වඩා වැඩි කාලයක් කුඩා ළමුන් සදහා භාවිත කරන ජොන්සන් පව්ඩර් සහ ෂවර් ටු ෂවර්(Shower to Shower) නමැති නිෂ්පාදනය පාවිච්චි කර තිබුණා.. මීට වසර තුනකට පෙරයි ඇයට ඩිම්බකෝෂ පිළිකාවක් වැළඳී ඇති බව හදුනාගෙන තිබුණේ.  කෙසේ වෙතත් පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඇය මිය ගියා.

මේ අතර ටැල්ක් නම් වූ පුයර නිෂ්පාදනයට යොදා ගන්නා ද්‍රව්‍යක් පදනම් කරගත් නිෂ්පාදන මගින් පිළිකා ඇති විය හැකි බවට පාරිභෝගිකයින් හා වෙනත් පාර්ශව අනතුරු ඇඟවීම් ද කර තිබුණා. එහෙත් ජොන්සන් සහ ජොන්සන් සමාගම ඒ පිළිබද කිසිදු අවධානයක් යොමු නොකර තම නිෂ්පාදන අලෙවිය ඉහල නංවා ගැනීමට පමණක් ක්‍රියා කර තිබෙනවා.. ඒ අනුව මිසුරි අධිකරණයේ ජුරි සභාව ජැකොලින් ෆොක්ස්ගේ පවුලේ අයට අදාළ වන්දිය ගෙවන ලෙස ජොන්සන් සහ ජොන්සන් සමාගමට නියෝග කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මිසූරි ප්රාන්ත අධිකරණය හමුවේ නඩු 1000 ක් සහ නිව් ජර්සි හි තවත් නඩු 200 ක් ගොනු කර ඇතැයිද විදෙස් වාර්තාවල දැක්වෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top