Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 February 23
1,483
Views
ආසියානු කුසලානයට බංග්ලාදේශයට ගිය කණ්ඩායම් ලැයිස්තුවට පන්දු විසිකිරීමට ද පුද්ගලයෙකු රැගෙන ගොස් ඇති බවට වාර්තා වනවා.  ඔහු රැගෙන ගොස් ඇත්තේ පන්දු විසිකිරීමේ පුහුණුකරු (Throwing Coach) ලෙසයි.

කෙසේ වෙතත් පන්දු රැකීම පුහුණු කිරීමට ද පුහුණුකරුවෙක් සිටියදී අදාළ පන්දු විසිකිරීමේ පුහුණුකරු (Throwing Coach) මෙලෙස රැගෙන ගොස් තිබෙනවා.

මේ අමතර පුද්ගලයාද සමග ආසියානු කුසලාන සංචාරය සඳහා එක්ව ඇති මුළු නිලධාරී මණ්ඩලය 9 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

කළමනාකරු,, ප්‍රධාන පුහුණුකරු, වේගපන්දු පුහුණුකරු, පන්දු රැකීමේ පුහුණුකරු, භෞතචිකිත්සක (Physiotherapist), මැසියො (Masseur), ට්‍රේනර් (Trainer) හා පරිගණක විශ්ලේෂකයා (Computer Analyst) යන පිරිස ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පසුගිය කාලයේ සිදු කළ සංචාර සඳහා ද එක්ව තිබුණා.

මෙවර මේ කණ්ඩායමට පන්දු විසිකිරීමේ පුහුණුකරු (Throwing Coach) ද එක්වූ අතර ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩක ලයිස්තුවට ද තවත් එක් අයකු එක්කරමින් ක්‍රීඩා නොකරන නායකයා ලෙස ලසිත් මාලිංගද එක්ව සිටිනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top