Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 February 22
2,124
Views
සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටින ඉන්දියානු ජාතිකයන් නිති විරෝධී ලෙස ත්‍රීරෝද රථ හා කුලී රථ සේවාවන් පවත්වාගෙන යන බව සමස්ථ ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා චෝදනා කරනවා.
ඉන්දියාවෙන් ආ ත්‍රීරෝද රථ රියදුරන් වැඩි වශයෙන් ගැවසෙන්නේ දෙමළ බස කතා කරන බහුතරයක් සිටින යාපනය හා කොළඹ ප්‍රෙද්ශයේ බව පැවසෙන අතර ඔවුන් රටේ වෙනත් ප්‍රදේශවලටද සංක්‍රමණය වන බව සුනිල් ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර නිදහස් වීසා සහනය මත ඉන්දියාවෙන් පැමිණි පිරිස් නීති විරෝධී ලෙස මෙරට රැදී සිටිමින් වෙළදාම් කටයුතු වල යෙදි සිටින බව වාර්තා වී ඇති නමුත් ඉන්දියාවෙන් පැමිණ ත්‍රී රෝද රථ පදවන්නන් පිළිබදව මේ දක්වා තොරතුරු ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසනවා.

පසුගිය අවුරුදු 14ක කාලය තුළ ක්‍රියාත්මක වූ ඉන්දු – ලංකා ගිවිසුමක් හරහා ලංකාවේ අපනයන ආදායම මෙන් 886% ක භාණ්ඩ ඉන්දියාවෙන් ගෙන්වා ඇතැයි මේ අතර වාර්තා වන අතර ඉන් ලංකාවට සිදුව ඇති වෙළෙඳ අලාභය ඩොලර් මිලියන 5,5944 ක් බවද පැවසේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top