Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 February 20
1,918
Views
ජනප්‍රිය නලුවෙක් වගේම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වුණු කාවිංග පෙරේරාට පහුගිය දවසක අකරතැබ්බයක් සිද්ධවෙලා. ඒ අපි හැමෝම වගේ පාවිච්චි කරන Viber එකෙන්. පහුගිය පෙබරවාරි 14 වෙනිදා ඒ කියන්නේ වැලන්ටයින් දවසේ වගේ තමයි මේක වෙලා තියෙනවා කියලා කාවිංග අපිට කීවේ.

ඔහු  කියන විදියට සම්පූර්ණ සිද්ධිය මෙහෙමයි..... පහුගිය 14වෙනිදා එයාගේ ෆෝන් එක අරන් Viber App එකේ මැසේජ් බලනකොට කාවිංග එකපාරටම දැකලා තියෙනවා එයා යවපු නැති, කියන්නත් කැත ෆෝටෝ වගයක් මෙයාගේ Contact List එකේ ඉන්න අයට යවලා තියෙනවා.

දන්න අඳුරන ගොඩ දෙනෙක්ට වගේම එයා හිටපු Viber Group වලටත් මේ විදියට ඔහුත් නොදැනුවත්වම ඒ වගේ ෆොටෝ ගියේ කොහොමද කියලා කාවිංගට හිතාගන්න බැරිවෙලා. පස්සේ ඔහු කරලා තියෙන්නේ Viber App එක Uninstall කරපු එක. ඒත් මේ වැඩේ නම් නතර වෙලා නෑ, දිගටම අර විදියට එක එක විදියේ කැත ෆොටෝ යවන්න එයාගේ ගිණුම අතට ගත්ත මනුස්සයා කටයුතු කරලා තියෙනවා.

මේ ගැන දන්න දන්න අයට දැනුවත් කළත් දිගටම වැඩේ නතර නොවුණු නිසා කාවිංග මේ වෙනකොට සිද්ධිය ගැන පොලිසියේ පැමිණිල්ලක් දාන්නත් යනවලු. ඔහු  අපිට කීවේ ඒ විදියට තමන්ගේ නමින් එන මැසේජ්, ෆොටෝස් ඇත්තටම එවන්නේ ඔහු නෙවෙයි, ඒ නිසා මේ ගැන වැරදියට වටහාගන්න එපා කියලා. ඒ වගේම තමන්ගේ නමින් ෆේස්බුක් එකේ තියෙන ගිණුම් ව්‍යාජ ඒවා වගේම ඒවගෙන් එන මැසේජ්වලට උත්තර දෙන්න යන්න එපා කාවිංග ඔහුගේ රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටියා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top