Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 February 19
1,438
Views
තමන්ව නිදහස් පක්ෂයෙන් එලවා දැමීමට ඇතැම් පුද්ගලයින් උත්සාහ කළත් එය පහසුවෙන් සිදුකළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඊයේ (18)  පෙරවරුවේ බරපතල වංචා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිිළිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

හිටපු ජනාධිපතිවරයා බරපතල වංචා විමර්ශන කොමිසම වෙත පැමිණියේ පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන රූපවාහිණි සේවයේ විකාශය කළ දැන්වීම් සඳහා මුදල් නොගෙවීමේ සිද්ධිය පිළිබඳව සිදුකෙරෙන විමර්ශනය සඳහායි.

මේ පිළිබඳව සිදුකරන විමර්ශනයේ අවසන් වටයේ සාක්ෂි කැඳවීම ඊයේ ආරම්භ වූ අතර එය දින 04 ක් පුරා පැවැත්වෙනු ඇති.

විමර්ශනයෙන් අනතුරුව කොමිසමේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන අතර, එමඟින් ලබාදෙන නිර්දේශ පදනම් කරගනිමින් වැරදිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සිදුකරන බව බරපතල වංචා විමර්ශන කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා සඳහන් කළා.

එහිදී මහින්ද කළ ප්‍රකාශය පහතින්......

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top