Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 February 16
4,353
Views
‘‘දැන් අවුරුදු දෙකක ඉඳන් අපි ආදරය කරනවා‘‘

පහුගිය දවසක ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වුණු ස්ටෙෆනි සිරිවර්ධනගේ උපන්දිනය තිබුුණා. හැබැයි ඒ වෙනකොට එයා ලංකාවේ නම් හිටියේ නෑ, මොකද පකිස්ථාන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ වැඩ කටයුත්තකට සහභාගී වෙන්න එයා විදේශගත වෙලා හිටිය නිසා.

කොහොම වුනත් එයාගේ උපන්දිනේ වෙනුවෙන් ජනප්‍රිය ගායකයෙක් වුණු දුෂ්‍යන්ත් වීරමන් අපූරූ තෑග්ගක් දුන්නා. ඒ ස්ටෙෆනි කැමතිම බීම වුණු තැඹිලි වගේම එයා ආසම කෑම වුණු බැඳපු මාළු තියෙන බත් පැකට් පාරේ ඉන්නේ අසරණ මිනිස්සුන්ට බෙදලා දීලා.

මේ ගැන මුලින්ම හිරු ගොසිප් අපි ඔබට වීඩියෝ එකත් එක්කම තොරතුරු අරන් ආවේ දෙන්නාගේ ආදර කතාව එළියට ආවා කියලා පුංචි කතාවකුත් එක්ක. මේ වෙනකොට දුෂ්‍යන්ත්, ස්ටෙෆනි තමන්ගේ පෙම්වතියට කියලා පිළිඅරන් තියෙනවා.

ඒ සතිඅන්ත පුවත්පතක් එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවකදි.. ඒ ආදරේ ගැන දුෂ්‍යන්ත් කියලා තියෙන්නේ මෙන්න මේ විදියට....

මොකද මේ පාරවල් ගානේ තැඹිලි බෙදනවා කියන්නේ ?
ස්‌ටෙෆනිගේ උපන්දිනය වෙනුවෙන් ඒ දේ කළේ. එයා ලංකාවෙත් නැති නිසා එයා ආසම කරන තැඹිලි වගේම බැදපු මාළු එක්‌ක කෑම පාර්සල් මම අසරණ අයට ගිහින් දුන්නා.

ස්‌ටෙෆනිගේ උපන්දිනය දුෂ්‍යන්තටත් විශේෂයි වගේ ?
ඔව්. ඇය මගේ පෙම්වතිය. දැන් අවුරුදු දෙකක ඉඳන් අපි ආදරය කරනවා.

සාමාන්‍යයෙන් උපන්දිනයට තැඹිලි දෙන කතාවක්‌ අපි අහලා නෑනේ ?
ඇත්තටම ස්‌ටෙෆනි හරි කැමැතියි තැඹිලි බොන්න. කොහේ හරි යනකොට තැඹිලි විකුණන තැනක්‌ දැක්‌කොත් අන්න තැඹිලි කියලා ඉක්‌මනටම වාහනය නවත්වලා තැඹිලි අරගෙන බොනවා. එයා තැඹිලි ගැන සිංදුවකුත් හදලා තියෙනවා.

ඉතිං කවදාද තැඹිලි බෙදුවේ ?
ස්‌ටෙෆනිගේ පසුගිය උපන්දිනය දවසේදී. ඒත් එයා ලංකාවේ හිටියේ නැහැ. මේ දිනවල ඩුබායිහි පැවැත්වෙන පාකිස්‌ථාන් සුපර් ලීග් තරගාවලියේ නිවේදිකාවක්‌ විදිහට කටයුතු කරනවා. ඇත්තටම ලංකාවටත් ඒක ලොකු ගෞරවයක්‌. මේ අවුරුද්දේ උපන්දිනය සමරන්න ලංකාවේ නැති එක ගැන එයා දුකෙන් හිටියේ.

ඒ දුක නැති කරන්නද තැඹිලි බෙදුවේ ?
නෑ. ඇත්තටම ස්‌ටෙෆනි මගේ ඔෆිස්‌ එකට ඇවිත් හරිම දුකෙන් කිව්වා, එයා පාරෙදි දැක්‌ක පෝලියෝ හැදුනු තරුණයෙක්‌ හරිම අමාරුවෙන් පාරේ හිඟමන් යදිනවා. එතකොට පාරේ තැඹිලි විකුණන කෙනෙක්‌ අර තරුණයාට තැඹිලි ගොඩේ තිබුණ පොඩි තැඹිලි ගෙඩියක්‌ දුන්නාලු. ඒක අරගෙන බොහොම අමාරුවෙන් අල්ලාගෙන තනි අතින් එයා මුලින්ම දෙවියන්ට පින්දීලා තැඹිලි විකුණන කෙනාට ස්‌තූති කරලාලු ඒක බිව්වේ. ඒක ස්‌ටෙෆනිට තදින්ම හිතට වැදිලා අපිට කොච්චර සල්ලි තිබුණත් අපි එහෙම කරන්නේ නෑනේ කියලා එයා දුකින් මට සිද්ධිය කිව්වා කඳුළු පුරවාගෙන.

ඊට දින දෙකකට පස්‌සේ තමයි එයා රට ගියේ. ඒ දවස්‌ ටිකේ දුකින් හිටපු නිසා මට හිතුනා එයා ආසම කරන දෙයක්‌ කරන්න ඕනෑ කියලා.
ඉතිං මම තැඹිලි විතරක්‌ නෙමෙයි එයා ආසම බැදපු මාළු තියෙන කෑම පර්සලුත් බෙදුවා. තව යාළුවෝ දෙන්න තුන්දෙනෙකුත් හවුල් කරගෙන.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top