Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 February 13
898
Views
උඩුනුවර නාරම්වල දවුලගම ප්‍රදේශයේ පිහිටි පොලිස්‌ නිලධාරියෙකුට අයත් නිවසකට මහ දවල් ඇතුළු වූ සොරකු නිවසේ තිබූ රුපියල් ලක්‍ෂ තුනහමාරක්‌ පමණ වටිනා මුදල් හා රන් ආභරණ සොරකම් කර තිබෙනවා.
කොළඹ අධිකරණයේ රාජකාරි කරන මෙම පොලිස්‌ නිලධාරියා හා පාසල් ගුරුවරියක වන ඔහුගේ බිරිඳ රාජකාරි සඳහා පිටවී ගිය පසු මහ දවල් නිවසේ ජනේලයක්‌ කඩා ඇතුළු වී මෙම සොරකම සිදු කර තිබුණා.

මේ බව දැනගත් නිවස හිමි පොලිස්‌ නිලධාරියා දවුලගම පොලිසියට සිද්ධිය පිළිබඳව පැමිණිලි කොට ජනේලය නැවත සැකසීම සඳහා අවශ්‍ය දැල් මිලදී ගැනීමට නගරයට ගොස් තිබෙනවා.

එම අවස්‌ථාවේදී පෙර දින කඩා දැමූ ජනේලයෙන්ම නැවත නිවසට ඇතුළු වූ සොරා නිවසේ තිබූ වටිනා බඩුබාහිරාදිය ද නැවත සොරාගෙන ගොස්‌ ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ. පොලිස්‌ නිලධාරියකු වන තමා විසින් කරන ලද පැමිණිල්ල අනුව ඇඟිලි සලකුණු ලබාගෙන විධිමත් අයුරින් පරීක්‍ෂණ පැවැත්වීමට හෝ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට දවුලගම පොලිසිය අපොහොසත් වී ඇතැයි එම පොලිස්‌ නිලධාරියා පවසනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top