Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 February 11
1,263
Views
අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ තෙමස් පූර්ණ දානමය පිංකම පසුගිය ඉරිදා කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී සිදු කෙරුණා. ඒ පිළිබඳව දන්වා සංවිධායක කමිටුව විසින් යහපාලන ආණ්ඩුවේ ඉහළ සිට පහල දක්වා මැති ඇමතිවරුන්ට දුරකථන මාර්ගයෙන් දන්වා තිබුණත් ඔවුන් එම අවස්ථාවට සහභාගී වීම මග හැර තිබුණා.
ඔවුන් සියළුදෙනා අතරින් දානමය පුන්‍යකර්මය සදහා සහභාගී වුණේ කථානායක කරු ජයසූරිය මහතා පමණක් බවයි දැන ගන්නට ලැබෙන්නේ. අපවත් වී වදාළ සෝභිත හිමියන් ‘සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය‘ ආරම්භ කරද්දි උන්වහන්සේගේ සමීපයෙන් කටයුතු කළේ කරු ජයසූරිය මහතා වන අතර උන්වහන්සේ ගිලන්ව සිටි අවස්ථාවේදීද අවශ්‍ය සියළු කටයුතු සොයා බැලුවේ ජයසූරිය මහතා විසින්.

සෝභිත හිමියන් අපවත්වීමෙන් අනතුරුව අවමගුල් උළෙලේදී දීර්ඝ කතා පවත්වමින් උන්වහන්සේගේ මෙහෙය අඛණ්ඩව කරගෙන යන බවට ප්‍රතිඥා දුන් එකදු නායකයෙකුවත් තෙමස් සමරු පිංකමට සහභාගි නොවීම විශේෂත්වයක්.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top