Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 February 11
2,038
Views
තණකොළ වර්ගයක් ඇසුරෙන් මෙතෙක් නිර්මාණය කර ඇති ශක්තිමත්ම හා තුනීම කොන්ඩමය නිෂ්පාදනය කිරීමට  ඔස්ට්‍රේලියානු පර්යේෂකයින් පිරිසක් සමත්ව තිබෙනවා. වැලි නිධිවල වැවෙන ස්පිනිෆෙක්ස් නම් තෘණ විශේෂය මේ සඳහා යොදාගන්නා අතර ඒවා පල්ප් බවට පත්කිරීමෙන් අනතුරුව පටලයක් නිෂ්පාදනය කරනවා.
ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩැරන් මාටින් ඇතුළු විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මෙය සොයාගෙන ඇති අතර ඒ පිළිබඳ වාර්තාව මේ වසරේදී නිකුත් කිරීමට නියමිතයි.
මේ වන විට වාණිජ මට්ටමේ පර්යේෂණවලින් තණකොළ කොන්ඩමයේ ශක්තිමත් බව තහවුරු කර ඇති අතර පසුගිය වසර අවසානයේදී පර්යේෂකයින් විසින් මයික්‍රෝන 45ක් එනම් මිනිස් හිස් කෙසක ඝනකම සහිත කොන්ඩමයක් නිපදවා තිබෙනවා. වාණිජ මට්ටමේ නියැඳියට සාපේක්‍ෂව නව කොන්ඩමය 20% ක පීඩනයක් හා 40% ක පරිමාවක් දැරිය හැකි බව අනාවරණය වූ බව මහාචාර්ය මාටින් පවසනවා.

ඔහු පවසා ඇත්තේ තවත් සුළු කාලයකින් මෙය 30% කින් සිහින් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.  

කොන්ඩම් වලට අමතරව ශල්‍ය වෛද්‍යවරුන්ගේ අත්වැසුම් සඳහාද මෙය ප්‍රයෝජනවත් වනු ඇති බවටයි වාර්තා වන්නේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top