Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 January 31
6,616
Views
සමිතා එක්‌ක කවදාවත් මගේ තරහක්‌ තිබුණේ නැහැ...
අපි දෙන්නා දික්‌කසාද වුණත් කවදාවත් තරහාවෙලා හිටියේ නැහැ...

අතුල අධිකාරි කියන්නෙ කලින් කලට හැමෝගෙම කතාබහට ලක්වෙන නමක්. මේ දවස්වලත් අතුල ගැන ගොඩක් දෙනා කතාබහ වෙනවා. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි අතුලගෙ දෙවැනි කසාදයේ බිරිඳ අමායා අධිකාරී පහුගිය දවසක හිරු ගොසිප් සමග කරපු විශේෂ සාකච්ඡාවක් එක්ක.

ඒ සාකච්ඡාවේදි අමායා කිව්වෙ ‘‘පුළුවන් නම් අතුල හරි සමිතා හරි මාධ්‍ය ඉදිරියට ඇවිත් මේ දේවල්වලට උත්තර දෙන්න කියලා“ ඔන්න අතුල ඒ අභියෝගය භාර අරගෙන සති අන්ත පුවත්පතකට මේ විදිහට පිලිතුරු දීලා තිබුණා.


අතුල මේ දවස්‌වල මොනවද කරන්නේ ?
මේ දවස්වල සංගීත ප්‍රසංග කිහිපයකට සහභාගිවීම සඳහා විදෙස්‌ගතවීමට සූදානමින් සිටිනවා. ඒ වගේම මගේ අලුත් සංගීත කණ්‌ඩායමේ පුහුණුවීම් කටයුතු කරගෙන යනවා. තව මාසයකින් ඇතුළත ඒ පිළිබඳව ඉදිරියේදී මගේ රසිකයන්ට දැනගන්න ලැබේවි. 

අලුත් ගීත එකතුවක්‌ කරන්න අදහසක්‌ නැතිද?
පසුගිය දිනවල ගීත තුනක්‌ විතර කළා. ඒවාට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉදිරියේදී අලුත් ගීත එකතුවක්‌ කරන්න බලමු. 

මේ දිනවල ඔබේ සංගීත කටයුතුවලට වඩා පුද්ගලික ජීවිතය ගැන මාධ්‍ය හරියට විමසනවා නේද?
ඒ කතාව නම් ඇත්ත තමයි. පසුගිය දවස්‌වල මම කරපු ගීත ගැන අහන්න කවුරුත් මට කතා කළේ නැහැ. නමුත් මගේ පුද්ගලික තොරතුරු අහන්න නිතර දෙවේලේ කතා කරනවා. 

අමායා ඔබ ගැන මාධ්‍යයට කියපු දේවල් ගැන මොකද හිතන්නේ ?
මාධ්‍ය ඉස්‌සරහට බලෙන් ගිහින් කාගෙවත් පුද්ගලික ජීවිතයකට මඩගහන්න තරම් පහත් තත්ත්වයකට මම වැටිලා නැහැ. මං ගැන කවුරු මොනවා කිව්වත් මම ගණන් ගන්නෙත් නැහැ. මොකද ඇත්ත තත්ත්වය මම දන්නවා. 

එතකොට අමායා මාධ්‍ය ඉදිරියේදී ඔබ ගැන පැවසුවේ බොරුද?
ඔව්. ඒවා සත්‍ය නෙමෙයි. එයාගේ වටේ ඉන්න අය කියන දේවල් තමයි දැන් එයා ඔය කරන්නේ. ඇත්ත විස්‌තරය දන්නේ මමයි, එයයි විතරයි. ඒ විස්‌තර මාධ්‍යයට කියලා ජනප්‍රියවෙන්න මට වුවමනා නැහැ. 

ඒ කියන්නේ ඔබ ගැන බොරු විස්‌තර මාධ්‍යයට කියලා අමායා ජනප්‍රිය වෙන්න හදනවා?
ඔව්. ඒක තමයි ඇත්ත තත්ත්වය. මම කවදාවත් ගෑණු බදාගෙන ජනප්‍රිය වෙච්ච චරිතයක්‌ නෙමෙයි. මම මගේ වෘත්තිය අකුරටම කරන පුද්ගලයෙක්‌. ඒක නිසා විශාල රසිකයෝ පිරිසක්‌ මට හැමදාම ඉන්නවා.

අමායාව අවුරුද්දකින් විතර බලන්න ගියේ නැහැ කියලා ඇය කියනවා. ඒක ඇත්තද?
එයා මාධ්‍ය හරහා නොයෙක්‌ ප්‍රචාර මා ගැන පළ කරනවානේ. ඇත්තටම අමායයි, මමයි දැන් එකට නෙමෙයි ජීවත්වෙන්නේ. 

ඉදිරියේදී මොකක්‌ද කරන්න හිතාගෙන ඉන්නේ ?
තවම ඒ ගැන හිතලා නැහැ. 

ඇය ඔබට කිසිදාක වරදක්‌ කරලා නැතිලු. එතකොට වරද කරලා තියෙන්නේ ඔබද?
වරද කළේ කවුද කියලා හොඳටම දන්නේ අපි දෙන්නා විතරයි. ඒ ගැන මාධ්‍යය කියලා මට ජනප්‍රියවෙන්න වුවමනා නැහැ. 

ජීවිතයේ ඔබ ගත්ත සමහර තීන්දු තීරණ ගැන අද ඔබ දුක්‌වෙනවාද?
කිසිසේත්ම නැහැ. මම ගොඩක්‌ වෙනස්‌ පුද්ගලයෙක්‌. මට හොඳයි කියලා හිතෙන දේ මම කරනවා. ඒකට මම කාගෙන්වත් අවසර ගන්නේ නැහැ. ජීවත්වෙලා ඉන්න කාලය තුළ මොනදේ වුණත් මම සතුටින් ඉන්නවා.

කතාවක්‌ තියෙනවා සමිතා එක්‌ක ඔබ අලුත් ජීවිතයක්‌ පටන්ගන්නවා කියලා?
සමිතා එක්‌ක කවදාවත් මගේ තරහක්‌ තිබුණේ නැහැ. අපි දෙන්නා දික්‌කසාද වුණත් කවදාවත් තරහාවෙලා හිටියේ නැහැ.

ඒ කියන්නේ ඔබ තවමත් සමිතාට ආදරෙයි ?
සමිතා කියන්නේ මගේ මුල්ම දරු දෙන්නාගේ අම්මා. ඒක නිසා අපි අතර ලොකු සම්බන්ධයක්‌ තියෙනවා. 

නැවත සමිතාව කසාද බඳින්න අදහසක්‌ නැතිද?
ඒ ගැන දැන්ම මට කිසි දෙයක්‌ කියන්න බැහැ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top