Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 January 29
1,693
Views
නුගේගොඩ ගම්සභා හන්දියේ පිහිටි රූපලාවන්‍යාගාරයක්‌ තුළදී ටෙලි නාට්‍ය නිළි හංසි සිතාරා නමැත්තියට පහර දී ඇය සතු රුපියල් විසිදහසක්‌ පමණ වටිනා ජංගම දුරකථනයක්‌ සොරාගත් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින ජනප්‍රිය ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළි ආක්‍ෂා සුදාරිට වරෙන්තු නිකුත් කර තිබෙනවා.
එම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින දෙවැනි හා තෙවැනි සැකකාරියන්වන ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළි මේනකා මධුවන්ති හා මොහිදින් වහීදා යන දෙදෙනා එදින නඩුව කැඳවූ අවස්‌ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි නමුත් එම සිද්ධියේ පළමු සැකකාරිය වන ආක්‌ෂා සුදාරි අධිකරණය මගහැර සිටීම නිසා ඇයට එසේ වරෙන්තු නිකුත් කෙරුණා.

ටෙලි නාට්‍ය නිළියක්‌ වන උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි හංසි සිතාරා නමැත්තිය 2013 ඔක්‌තෝබර් 10 වැනිදා මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලක්‌ අනුව අත්අඩංගුවට ගත් ඉහත කී සැකකාරියන් තිදෙනා දැනට ඇප මත මුදා හැර තිබෙන අතර මෙම සිද්ධියේ තෙවැනි සැකකාරිය වන මොහිදීන් වහීදා පළමු සැකකාරිය වන ආක්‍ෂා සුදාරගේ මවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top