Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2015 July 28
1,270
Views
ගූගල් හි Project Loon නම් බැලුන් ආධාරයෙන් ලෝකයටම අන්තර්ජාලය සැපයීමේ වැඩසටහන සමඟ ශ්‍රී ලංකාව අද අවබෝධතා ගිවිසුමකට එළඹුණා. ඒ අනුව LTE තාක්ෂණය සහිත අධිවේගී අන්තර්ජාල සබඳතාවකින් මුළු දිවයිනම ආවරණය කිරීමට ගූගල් කටයුතු කරනු ඇති.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව වෙත යෝජනා කර තිබෙන්නේ ෆේස්බුක් සමාගමේ ආරම්භකයෙකු ලෙස සැලකෙන චමත් පළිහවඩන නම් ශ්‍රී ලාංකික තරුණයායි.

ගූගල් මෙම ව්‍යාපෘතියට අවසන් කළ පසු සම්පූර්ණ රටකට අන්තර්ජාල පහසුකම් සැපයූ ලොව පළමු රට ශ්‍රී ලංකාව බවට පත්වනවා.

Project Loon ක්‍රියාත්මක වන්නේ කෙසේද?

තාක්ෂණය

1.විශේෂයෙන් නිමවන ලද බැලුනයක් ගුවන් යානා ගමන් කරන සීමාවට ඉහළින් වායු ගෝලයේ රදවනු ලබනවා. (පොළොවේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 20 ක උසින් )




2. අනතුරුව සුළගේ ස්ථර සමග බැලුනය ස්ථානගත කරන අතර එය නිවැරදි දිශාවට යොමු කරන්නේ විශේෂ මෘදුකාංගයකින්.




අන්තර්ජාල සබදතාවය

වායුගෝලයේ ස්ථානගත කළ බැලුනය අදාළ ප්‍රදේශයේ ඇති අන්තර්ජාලය සපයන ආයතන සමග සම්බන්ධවනවා. එම ආයතනවල උපකරණ මගින් ලබාගන්නා LTE සංඥා (wireless communications technology) යළි පොළවේ සිටින ග්‍රාහකයින්ට ලබා දෙන්නේ මෙම බැලුන හරහායි.



ගූගල් සමාගමට අනුව කිලෝ මීටර් 40 ක විශ්කම්භයක් සහිත ප්‍රදේශයකට එක් ස්ථානයකින් ලබා ගන්නා සංඥා බැලුනයකට බෙදා හැරිය හැකියි.

සාර්ථකත්වය

මෙම ව්‍යාපෘතිය ගූගල් සමාගම 2013 ජූනි මස නවසීලන්තයේදී ආරම්භ කළා. එහි සාර්ථකත්වය මත ලොව ස්ථාන කිහිපයක මේ නියමු ව්‍යාපෘතින් ක්‍රියාත්මක වූ අතර ඇතැම් බැලුන කඩා වැටුණු අවස්ථාද වාර්තා වුණා.

සටහන - සඳුන් අරෝෂ ප්‍රනාන්දු




Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top