Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2015 July 27
3,620
Views
මහනුවර, මහවැලි ගගේ කලුගමුව ග‍ඟ ආශ්‍රිතව දියනෑමට පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් 5ක් හා සිසුවියක් අධික ලෙස බීමත්ව අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී ගම්වාසීන් 200ක් පමණ ඔවුන් වටකොට පේරාදෙණිය පොලිසියට භාරදී තිබෙන බවට වාර්තා වේ. 
මත්පැන් බෝතල්ද රැගෙන මේ ස්ථානයට පැමිණ ඇති මොවුන් ගමේ පිරිසට ඇසෙන සේ බීමත්ව කෑකෝ ගසමින් සිට ඇති අතර පසුව බීමතින් සිටි සිසුවිය නිරුවත් කොට ඡායාරූප ගෙන ඇති බවටද වාර්තා වේ.

ගම්වාසීන් මේ අශෝභන ක්‍රියාවන් පිළිබඳ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී ඇත. පසුව පොලිසිය පැමිණෙන තුරු යතුරුපැදිවල හුළං ඇර ඔවුන්ට පලා යෑමට නොදී සියලු දෙනා වට කොට රැඳී සිට තිබේ.

මේ අතර තරුණියගේ ඡායාරූප ගත් දුරකථනය මොවුන් ඇළට විසිකර ඇති බව ප්‍රදේශවාසීහු පවසා තිබේ.
පේරාදෙණිය පොලිසිය පැමිණ ගම්වාසීන් අල්ලාගත් සිසුන් හා ශිෂ්‍යාව රැගෙන ගොස් වෛද්‍ය පරීක්‍ෂණ සඳහා ඉදිරිපත් කොට ඇති අතර එහිදී සියලු දෙනා බීමත්ව ඇති බව තහවුරු වී තිබේ.

මොවුන් පැමිණි යතුරුපැදි 3ක්ද පොලිසිය විසින් ලොරි රථයකින් පොලිසිය වෙත රැගෙන විත් තිබිණි.

ඒ අනුව මහනුවර, කටුගස්තොට පදිංචි තරුණිය හා මීගලෑව, අරණායක, ගල්නෑව, බොරලැස්ගමුව යන ප්‍රදේශවල පදිංචි සිසුන් සිවුදෙනා අධ්‍යාපනය ලබන සිසුන් බැවින් පොලිසිය ඔවුන්ට අවවාද කර ශිෂ්‍යාව ඇයගේ සහෝදරයාට ද බාරදි මුදා හැරි බවත් පොලිසිය කියයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top