Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2015 July 27
1,506
Views
විවිධ ස්ථානවලදී විවිධ පුද්ගලයින් සමග සෙල්ෆි ඡායාරූප ගැනීම මේ වන විට ලොව පුරා පුද්ගලයින් අතර බහුලව දක්නට ලැබෙන සිදුවීමකි.
සෙල්ෆි ඡායාරූපක් ගැනීමට ගොස් ජීවිතය අවදානමකට ලක් වූ තරුණයෙකු පිළිබඳව අමෙරිකාවේ සැන් දියාගෝ ප්‍රදේශයෙන් වාර්තා වේ.

කැලෑ ප්‍රදේශයක පඳුරක් තුළ සැඟව සිටි විෂ ඝෝර නාගයෙකු දැක ෆස්ලර් නමැති මෙම තරුණයාට නාගයා සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමේ අශාවක් හටගෙන තිබේ.

ඔහු නාගයා අල්ලාගෙන සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට තැත් කළ අවස්ථාවේදී නාගයා ඔහුගේ අතට දෂ්ඨ කර තිබේ.

නාගයා දෂ්ඨ කිරීමෙන් පසු තමන්ගේ අත දම්පැහැ ගැන්වී සිරුර වෙව්ලීමට පටන්ගත් බව ත් දිව මුඛයෙන් එළියට ආ බව ත් ඇස්වල පෙනුම වෙනස් වූ බව ත් ෆස්ලර් විදෙස් මාධ්‍යට පවසා ඇත.

වාහා ම රෝහල්ගත කෙරුණු ෆස්ලර්ගේ ප්‍රතිකාර සඳහා වැය වී ඇති මුදල අමරිකානු ඩොලර් 150,000කට වැඩි බව අදාළ වාර්තාවල සඳහන් ය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top