Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2015 July 08
1,528
Views
ශහිඩ් කපුර් කියන්නේ තරුණියන්ගේ සුපිරි සිහින කුමරෙක්. හින්දි සිනමාවේ සුරූපී නිළියන් කිහිප දෙනෙක්ගේම හිටපු පෙම්වතෙක්.
කරීනා කපුර්, ප්‍රියංකා චොප්රා, සොනක්ෂි සිංහා ඔහුගේ නිළි පෙම්වතියන් අතරේ හිටියා.

මේ නිළියෝ අමතක කරපු ශහිඩ් ඊයේ විවාහ වුනා. ඒ තමන්ට වඩා අවුරුදු 13ක් බාල මීරා රාජ්පුට් සමගින්.

මේ වසරේ ජනවාරි මාසෙදි මේ දෙන්නා විවාහ ගිවිසගත්තා කියලා ලොකු කතාවක් පැතිරුණා. ඒ දෙන්නා දෙසැම්බර් මාසේ විවාහ වෙනවා කියලා තමයි කලින් ආරංචි වුනේ. ඒ කට කතා වලට‍ මීරා කිව්වේ තමන් ශාහිඩ් ව හඳුනන නමුත් තමන්ට වඩා අවුරුදු 13ක් වැඩිමල් ඔහු හා විවාහ වීමේ කිසිඳු අදහසක් නෑ කියලයි.

ශහිඩ් වුනත් දෙන්නගේ සම්බන්ධය ගැන මාධ්‍යට කිසිම දෙයක් කිව්වේ නෑ. කොහොම වුනත් මේ දෙන්නගේ විවාහය ඊයේ සිද්ධ වුනා. මීරා රාජ්පුත් කියන්නේ ශාහිඩ් ගේ පියාගේ යාලුවෙක් ගේ දියණියක්. පවුලේ අය 40 දෙනෙක් පමණක් සහභාගි වෙලා තමයි විවාහය කරලා තියෙන්නේ.

ඊයේ හවස පැවැත්වුණු විවාහ උත්සවයට 500 දෙනෙක් සහභාගි වෙලා. තමන් එක්ක ක්ෂේත්‍රයේ එකට වැඩ කරන අයට ශාහිඩ් 12 වෙනිදා ලොකු පාර්ටි එකක් දෙනවලු. ඒකට ඉන්දියාවේ සුපිරි නළු නිළියෝ ගොඩාක් සහභාගී වෙනවලු. මේ අතරේ ශහිඩ් ගේ කලින් පෙම්වතියන් කි දෙනෙක් ඉඳියි ද දන්නේ නෑ. කොහොම වුනත් අපි මේ දෙන්නට සුභ විවාහ ජිවිතයක් ප්‍රාර්ථනා කරනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top