Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2015 June 11
5,338
Views

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට සහ මත්පැන් විරෝධි සංකේතය රැගත් වතුර ලීටරයකින් දැමිය හැකි විදුරු බෝතලයක් ළඟදීම හඳුන්වා දෙන බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසීය.
“රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල බොහෝ සේවකයන් හිස් මත්පැන් බෝතල්වල බීමට වතුර රැගෙන එන බව සිදුකළ අධ්‍යනයකදී හෙළි වී ඇත. මෙය මත්පැන් පානය සඳහා අනවශ්‍ය ප්‍රචාරණයක් මෙන්ම සමාජයට දෙන අහිකනර පුර්වාදර්ශයකි. එබැවින් විදුරු මේ බෝතලය හඳුන්වා දීමට තිරණය කර ඇත.”

“මේ බෝතලයේ රාජ්‍ය ආයතනවලට නොමිලේ බෙදාහරින අතර පෞද්ගලික අංශයෙන් බෝතලයක් සඳහා වැයවන වියදම පමණක් අය කෙරෙයි. එය ඉතා සුළු මුදලකි. ”

“ශ්‍රි ලංකා සමාගමක් මගින් චීනයෙන් බෝතල් ආනයනය කෙරෙයි. බෝතල් දස දහසක් ළඟදිම ආනයනය කෙරෙන අතර ඉන්පසු බෝතල් ලක්ෂයක් ආනයනයට කැරේ.”

ලෝක සෞඛ්‍ය සංවිධානය අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය දුම්කොළ මධ්‍යසාර මණ්ඩලය එක්වී මෙම වැඩ පිළිවෙළ ක්‍රියාවට නැංවෙයි.

අතීතයේ නිවෙස්වල තිබු අළු බඳුන ඉවත් කිරිම සහ බුලත් අතෙන් දුම්කොළ ඉවත් කිරිමට හැකිවුණ ලදි.

ඒ ආකාරයට හිස් මත්පැන් බෝතල් ඉවත්කිරිමේ කටයුත්ත සාර්ථක කර ගැනිමට සැමගේ සහය පතන බව වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසිය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top