Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2015 June 11
5,962
Views
කාන්තාවෝ බහුතරයක් මනා පෙනුමකින් යුත් පපු ප්‍රදේශයක් සහිත පිරිමින් කෙරෙහි වැඩි ආකර්ෂණයක් දක්වති. 
එමෙන්ම සිරුරෙහි උවමනාවට වඩා වැඩිපුර රෝම රහිත වීමද එම ආරක්ෂණයට හේතුවක් බව සමීක්ෂණයක් හෙළි කරයි.

වයස අවු 25 - 30 ත් අතර පිරිමින් 450 දෙනෙකු සහ කාන්තාවන් 350 දෙනෙකුගේ ප්‍රතිචාර පදනම් කරගනිමින් ඉන්දීය Philips සමාගම මෙම වාර්ෂික සමීක්ෂණය කළේය

එහිදී එලැඹුණු නිගමන මෙසේ කෙටිකර දැක්විය හැකිය.

කාන්තාවන් 65% ක් පිරිම සිරුරෙහි වැඩිපුර රෝම තිබීමේ සංකල්පයට විරුද්ධ වෙති.

හොදින් වැඩුණු මනා පෙනුමකින් යුතු පපුවත් ඇති පිරිමින් කෙරෙහි 92 % කාන්තාවෝ ආකර්ෂණයක් දක්වති.

පිරිමින් සිය සිරුර මනාව හැඩ ගන්වා ගැනීමට දරණ ප්‍රයත්නයෙහි වර්ධනයක් දක්නට තිබේ. වර්ථමානයේ ඔවුන් තමන්ගේ පෙනුම ගැන අතිශයින්ම පරික්ෂාකාරී වෙති. එමෙන්ම පෙනුම වර්ධනය කරගැනීමේ විසදුම් හෝ ගැජට් කෙරහි අවධානයක් යොමු කරති.

වර්ථමානයේ කාන්තාවන් වැඩිපුර රෝම සහිත පිරිමින් කෙරෙහි ආකර්ෂණයක් නොමැති තරම්ය. කාන්තාවන්ගෙන් 65 % ක්ම ප්‍රකාශ කර ඇත්තේ තම සැමියා හෝ සහකරු තෝරාගැනීමේදී බලපාන ප්‍රධාන සාධකයක් වන්නේද එය බවයි.

පපුවේ රෝම ප්‍රදර්ශනය වන සේ සැරසුණු ඇඳුමක් සහිතව පිරිමියා සමඟ නිවසින් පිටවීමට හෝ අකමැති බව කාන්තාවන්ගෙන් 32 %ක් ප්‍රකාශ කළහ. කෙසේ වුවද 30 % ප්‍රකාශ කර ඇත්තේ නිවසින් පිටවීයාමට රෝම පිරිසිදු කරගෙන සූදානම් වීමට සැමියන් පොළඹවන බවයි.

සහකරුවන්ගේ ප්‍රශස්ත නෛසර්ගික ලක්ෂණ ලෙස ගැහැණියගේ ලැයිස්තුවේ මුලටම එන්නේ හාස්‍යය ප්‍රකාශ කිරීමේ හැකියාව, සිතැඟි ප්‍රකාශනය සහ දයාව හා කරුණාවයි.

වැඩිපුර සිරුරේ රෝම පිහිටීමේ හේතුව නිසා සහකාරියන් සොයා ගැනීම අසීරු බව පිරිමින්ගෙන් 40 % ක් විශ්වාස කරති. ඒවා ඉවත්කරගැනීමට ඇති හොදම උපකරණ ගැනද ඔවුහු සොයා බලති. සිරුරේ පෙනුම ගැන වඩාත් විමසිලිමත්වීම සඳහා පිරිමින්ගෙන් 50 % කට වැඩි සංඛ්‍යාවක් පිරිමින්ට වෙන්වූ සඟරා Mobile apps, පිරිමි බ්ලොග් අඩවි සහ සන්නාම වෙබ් අඩවි සොයා යති. එමෙන්ම කාන්තාවෝද 50 % පමණ දෙනා පිරිමි සඟරා බලති. තමන්ගේ සැමියන්ගේ පෙනුම වර්ධනය කරගත හැකි මං සෙවීම එහි අරමුණයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top