Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2015 April 20
2,185
Views
වයස අවුරුදු 14 ක් වන පාසල් සිසුවියක්ව වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ වරින් වර දුෂණය කළ බව කියන පුද්ගයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය කියයි.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය - ජින්නා වත්ත පදිංචිකරුවෙකුවය.

38 හැවිරිදි සැකකරු රිය සහායකයෙකු ලෙස කටයුතු කරමින් සිට ඇත.

සැකකරු අතවරයට පත්ව ඇති දැරිවියගේ සුළු පියාය.දැරිවියගේ මවගේ පියා සහ මව අසනීප තත්ත්වයෙන් පසුවේ.

එම දෙදෙනාට ප්‍රතිකාර ලබා දීම සදහා දැරියගේ මව නිවසින් පිටත්ව ගිය පසුව සැකකරු මෙම අපරාධය සිදු කර ඇත.

පසුගිය 2013 ඔක්තොම්බර් මස සිට මේ දක්වා සැකකරු වරින් වර මෙම අපරාධය සිදු කර ඇති බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.දැරියගේ මවද මේ සම්බන්ධයෙන් දැන ගෙන සිට ඇතත් සැකකරුගේ තර්ජන හේතුවෙන් කාලයක් එය හෙලි කර නැත.

නමුත් සැකකරු තම දියණියට නිතර අතවර කිරීම හේතුවෙන් මව විසින් මේ බව පොලීසියට දන්වා ඇත.

අතවරයට පත්ව ඇත දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top