Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2020 January 16
5,523
Views
දොළොස්මහේ පහන නොනිමී දැල්වෙන පහනක්. ඉතින් නොනිමී දැල්වෙන තරු අතර දැල්වෙන සුවිශේෂී තාරකාවියක් රිදී තිරයට පැමිණියේ දොළොස්මහේ පහන හරහා. ඇය දමයන්ති ෆොන්සේකා.
 
හෙළ සිනමාවේ නිළි රැජින මාලිනී ෆොන්සේකාගේ ආදරණීය නැඟණිය වීමත් ඇයගේ විශේෂත්වයක්. මේ දමයන්ති ගැනයි.

‘ගාඩි’ චිත්‍රපටය හරහා නුදුරු දිනයකදී රිදී තිරයේ කුමාරිහාමි කෙනෙක් බවට පත්වෙනවා. මෙයින් ඔබේ සිනමා රංග චාරිකාව වෙනස්ම මාවතකට පියමනිනවා නේද?
මම ටෙලිනාට්‍යවල විවිධ චරිත රඟපෑවා. එකිනෙකට වෙනස් චරිත තමයි මට නිරූපණය කරන්න ලැබුණේ. සිනමා රංග චාරිකාවෙන් මා නිරූපණය කළ චරිත අතර ‘ගාඩි’ චිත්‍රපටයේ මට ලැබුණ චරිතය සුවිශේෂී. එවැනි කුමාරිහාමි චරිතයක් මම නිරූපණය කරලා තිබුණේ නැහැ. ඒ නිසා ‘ගාඩි’ චිත්‍රපටය මට විශේෂ ලෙස සඳහන් කරන්න පුළුවන්. එපමණක් නෙවෙයි එහි තවත් විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි මම දායක වුණ නිර්මාණ අතර අයිරාංගනී සේරසිංහ විවිධ චරිත රඟපෑවා. ඒත් කවදාවත් එතුමිය සමඟ මට එකට රඟපාන්න ලැබුණේ නැහැ. ‘ගාඩි’ චිත්‍රපටයේ ඇය මගේ අම්මාට තමයි රඟපාන්නේ. ඉතින් මේ ලැබුණ සුවිශේෂී චරිතය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
 
ඔබ කලා නිර්මාණවල විවිධ ඉසව් හරහා ඔබේ කැපකිරීම් නිරන්තරයෙන් ලබාදෙන බව අප දන්න කරුණක්. එහෙත් ‘ගාඩි’ චිත්‍රපටයේ රංග කාර්යයට ශිල්පීන් සම්බන්ධීකාරක ලෙස ඔබ කටයුතු කළා නේද?
චරිතයට ගැළපෙන ශිල්පීන් සෙවීම ලේසි නැහැ. ගැමි චරිතයකට වෙස්ටන් පෙනුම තිබෙන ශිල්පිනියක් යෙදවීමෙන් ඒ චරිතයේ තිබෙන ජීව ගතිය ඉස්මතු කර ගැනීමට අපහසුයි. ‘ගාඩි’ චිත්‍රපටය ඓතිහාසික සිනමා නිර්මාණයක්. අපට මෙම චිත්‍රපටයේ රඟපෑම සඳහා කොණ්ඩා, රැවුල් වවපු ශිල්පීන් සෑහෙන පිරිසක් උවමනා කර තිබුණා. මොකද සාමාන්‍ය කෙනකුට විග් දමලා චරිතයක් පෙන්නුම් කරනවාට වඩා අපට උවමනා කළේ ස්වභාවික පෙනුමත් එක්ක කොණ්ඩා, රැවුල් වැඩුණ ශිල්පීන්. ඉතින් අපගේ උත්සාහය අපතේ ගියේ නැහැ. අපට ඒ සඳහා ශිල්පීන් තුන් හාරසීයක් හොයාගන්න පුළුවන් වුණා. මම ‘ගාඩි’ චිත්‍රපටයට කලින් ‘මචං’ චිත්‍රපටයෙත් ශිල්පීන් සම්බන්ධීකාරක ලෙස කටයුතු කළා. ශිල්පීන් තේරීමේදී සමහර අවස්ථාවල මගේ හිතවත් ශිල්පීන් පවා අමනාප වුණා ඔවුන් සම්බන්ධ කරගත්තෙ නැති නිසා. ශිල්පීන් සම්බන්ධ කරලා විතරක් මදි රූපගත කිරීම් අවසන් වනතුරු ඔවුන්ට රැකවරණ ආරක්ෂාව දීමත් වගකීමක් අපේ.
 
කලා ක්ෂේත්‍රයේ ගොඩදෙනෙක්ගේ එකම සිහිනය අවසානයේ නිර්මාණවේදිනියක් වීමයි. ඔබෙත් ඒ සිහිනය ‘ඉරගල නැකැත’ හරහා සැබෑවුණා?
නිර්මාණයක් කරනවා කියලා එහෙම ආවට ගියාට හැමෝටම කරන්න බැහැ. මම අධ්‍යක්ෂවරියක් වුණේ එක රැයකින් නෙමේ. පියවරින් පියවර මම එකතු කරගත්ත දැනුම් සම්භාරයේ අවසානයේ ‘ඉරගල නැකැත’ ටෙලිනාට්‍ය හරහා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරියක් වුණා. මම එයට පෙර ‘ගාස්තුව කීයද’, ‘පරණ පිනක්’ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කර වේදිකා ගතකළා.
 
‘ඉරගල නැකැත’ ටෙලිනාට්‍යයට ඔබ ඔබේ සහෝදරිය සිනමාවේ නිළි රැජිනිය මාලනී ෆොන්සේකා සම්බන්ධ කරගත්තේ ලේ බැඳීමටද?
මම එහෙම හිතවත්කමට චරිතය දුන්නේ නැහැ. මේ චරිතයට සුදුසුම කෙනා ඇයයි. ඇය නිර්මාණය කළේ අන්ධ වැන්දඹු අම්මා කෙනෙක්ගේ චරිතයක්. ඇයත් මෙයට පෙර මෙවැනි චරිතයක් කර නැහැ. මම දන්නා තරමින්. ඇයගේ චරිතයට මම හිතුවාටත් වඩා උපරිම සහායක් ලබාදුන්නා. ඒ ගැන මම අධ්‍යක්ෂවරියක් විදියට සතුටු වෙනවා.
 
එවැනි ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක් චරිතයට අවශ්‍ය විදියට සැකසීම බැරෑරුම් කර්තව්‍යයක් වන්නට ඇති නේද ඔබට?
ඇයව සම්බන්ධ කරගෙන නිර්මාණ කළේ මම විතරක් නෙමේනේ. ඇය මගේ සහෝදරිය වුණත් ඇයට කියලා මම විශේෂත්වයක් දුන්නේ නැහැ. අන්ධ වැන්දඹු අම්මා කෙනෙක් හැසිරෙන්නෙ කොහොමද කියන එක, ඒ තත්ත්වයට මුහුණපාන්නේ කොහොමද කියලා ඇයට විග්‍රහ කළා. ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයව අමුතුවෙන් හැසිරවීමක් අවශ්‍ය වූයේ නැහැ.
 
‘ඔබේ තිබෙන කාර්යබහුලත්වයත් එක්ක ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට ‘ඉරගල නැකැත’ කවදා වගේ රසවිඳිය හැකිද?
2020 වසරේ අනිවාර්යයෙන් පුළුවන්.
 
මේ ලැබුවාවූ නව වසරේ ඔබ සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු කිරීමට සූදානම් වන බව දැනගන්නට ලැබුණා?
මම මේ ක්ෂේත්‍රය මගේ දරු පරපුරක් බිහි කරලා ඉවරයි. ඔවුන් අද විවිධ පැතිකඩවල ඔවුන්ගේ දක්ෂතා පෙන්වනවා. එය මට ආඩම්බරයක්. ඉතින් මගේ ලොකු ආසාවක් තියෙනවා මගේ මේ දරු පරපුර එකතු කරගෙන කෙටි නාට්‍ය උළෙලක් පැවැත්වීමට. ඔවුන් එකතු කරගන්න අපහසුයි. ඔවුන්ගේ ඒ තිබෙන කාර්යබහුලත්වය මත. ඒත් ඒ කටයුත්ත මම කොහොම හරි කරනවා.
 
වසන්ත විතාරණගේ
Image may contain: 1 person, indoor
Image may contain: 1 person

මව්රට
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top