Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2020 January 16
5,293
Views

යුක්රේන ගුවන් සේවයට අයත් මගී යානය, ඉරාන හමුදාවේ මිසයිල ප්‍රහාරයට ලක්වන අයුරු පටිගත කළ පුද්ගලයා හඳුනා ගනිමින් ඔහු අත්අඩංගුවට ගැනීමට ඉරාන රජය පියවර ගෙන තිබේ.

යුක්රේන මගී ගුවන් යානය 176 දෙනකු සමඟ කඩා වැටුණේ ඉරාන හමුදාවේ මිසයිල ප්‍රහාරයකින් බව තහවුරු වූයේ පටිගත කළ රඑම දසුන් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වෙද්දීය. එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ඉරාන රජය පියවර ගෙන ඇත්තේ ඔහු ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පෙන්වා දෙමිනි.

ඉරානයේ ඉමාම් කොමේනී ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වූ එම යුක්රේන යානය කඩා වැටුණේ පසුගිය 8 වැනිදාය. මුලදී තරයේ ප්‍රතික්ෂේප කළත්, මෙම වීඩියෝ දසුන් ප්‍රසිද්ධියට පත් වෙද්දී, යානය කඩා වැටුණේ මිසයිල ප්‍රහාරයකින් යැයි පිළිගැනීමට ඉරාන රජයට සිදුවිය. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනීට සහ ඉරාන රජයට එරෙහිව විරෝධතා ආරම්භ වූයේ ඉන්පසුවය.

මේ අතර අල් ජසීරා පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ එක් මිසයිලයක් නොව, මිසයිල දෙකක් ගුවන් යානයට වැදී ඇති බවය. පළමු මිසයිල ප්‍රහාරය වැදීමෙන් පසු, ගුවන් යානය ආපසු හරවා ගෙන ඉමාම් කොමේනී ගුවන්තොටුපොළට යාමට උත්සහ ගත් අවස්ථාවේදී දෙවැනි මිසයිලය එහි වැදුණු බව අනාවරණය වී ඇත.

(අල් ජසීරා)

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top