Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2020 January 15
ආසියානු සම්බවයක් සහිත තරුණ කල්ලියක් අතින් වසර දෙකක් තිස්සේ දූෂණයට ලක් වූ දැරියකගේ අනුවේදනීය කතාවක් මේ දිනවල කාගෙත් අවධානයට ලක්ව තිබෙනවා.
පසුගියදා බර්මිංහැමි අධිකරණය ඉදිරියේ විභාගයට ගැණුනු මේ පිළිබඳ නඩු විභාගයේදී මෙම තරුණ කල්ලියේ සිව් දෙනෙකුට වසර 22කට වැඩි සිරදඬුවම් නියම කරනු ලැබුවා.
වසර 2000ත් 2003ත් අතර කාල පරාසයක් තුළදී මෙම දැරිය සැකකාර තරුණයින් අතින් දූෂණය වූවා පමණක් නොව ඔවුන් ඇය පිටස්තර අයටද විකුණා මුදල් ලබාගෙන ඇති බව අධිකරණයේදී හෙළිදරව් වුණා.
බර්මිංහැම් රාජකීය උසාවියේ මෙල්බන් ඉන්මන් විනිසුරුතුමා මෙම කල්ලියේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් අලි සුල්තාන් අමතමින්, "ඔබ සියලුදෙනාම මෙම දැරියට කිසිදු ආරක්ෂාවක් නැතිබව හොඳින් දැනගෙන මේ අයුරින් දූෂණයට ලක් කිරීමටත්, එසේම වෙනත් අයට එවැන්නකට ඉඩකඩ සලසා දීමත් සිදු කර තිබෙනවා. ඇගේ එකම ආරක්ෂයා ලෙස සිටි පියාගේ අභාවය නිසා තනිවුණ ඇයව කල්යල් බලා මෙම කෲර ක්‍රියාවට යොදාගෙන තිබෙනවා.." යැයි ප්‍රකාශ කළේ ඔවුන්ට දඬුවම්ද නියම කරමිනුයි.
"පියාගේ අභාවයෙන් පසු ඇයට ආරක්ෂාව සැපයූ තැනැත්තා ද ඇය අතැර ගියාට පසු ඔබ ඇගේ අසරණභාවයෙන් ප්‍රයෝජන ගත්තා. ඒ අවස්ථාවේ ඔබගේ වයස ඇයගේ වයසට වඩා මාස 18යි වැඩි..." යැයිද විනිසුරු ප්‍රධාන සැකකරු අමතා පවසා සිටියා.
මේ දැරිය මොහොමඩ් අලි සුල්තාන් නැමැති සැකකරුට මහත් සේ බියකින් පසුවීම නිසා සියලුම කටයුතු ඔහුට අවශ්‍ය ලෙස හසුරුවාලීමට හැකිවූ බවද මෙහිදී හෙළිවුණා. ඇතැම් අවස්ථාවල ඇයට පහර දීම, හිරිහැර කිරීම, ඔහු විසින් සිදුකර තිබුණා. ඉන්පසු ඇය දූෂණයට ලක්කර ඇති බවයි අධිකරණයේදී අනාවරණය වුණේ.
"ඔබ විසින් වෙනත් අය සමඟ කායික සබඳතා ඇති කරගැනීමට ඇයට පැවසූ බවත්, මෙම නඩුවේ සාක්ෂිවලින් පැහැදිලි වෙනවා.." එසේ පැවසූ විනිසුරුවරයා, ඇයව පිටස්තර අයට විකුණු ආකාරයත්, පීසා ආහර විකුණන සාප්පුවක් උඩතට්ටුවේදී හා පල්ලියක වත්තේදී කිහිප දෙනෙකු අතින් ඇය දූෂණය වූ ආකාරයත් හෙළි කළා.
ශ්‍රොප්ෂයර් ප්‍රාන්තයේ ටෙල්ඨඩ් ප්‍රදේශයේ ජීවත් වූ 33 වන වියේ පසුවන මොහොමඩ් අලි සුල්තාන්ට අට වසරක දඬුවමක් පැනවූ විනිසුරුවරයා එම දඬුවම් කාලය තුළදී මෙම දැරිය සමඟ කිසිදු සබඳතාවයක් ඇති නොවන අයුරින් තහනම් නියෝගයක්ද පනවනු ලැබුවා.
එසේම මොහු 2012 හා 2015 දී මේ අන්දමේ ස්ත්‍රී දූෂණ ක්‍රියාවන් දෙකකට ද වැරදිකරු බව පොලිසිය අධිරකරණය වෙත දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව ඉහත වැරදිවලට ලැබූ වසර 6ක සිර දඬුවමට මෙම දඬුවමද එකතු වීම නිසා ඔහුගේ දඬුවම වසර 14ක් දක්වා දීර්ඝ කෙරුණා.
මේ අතර ටෙල්ෆඩ් නගරයේ විසූ 37 හැවිරිදි මොහොමඩ් රිස්වාන් නම් අනෙක් විත්තිකරු පහරදීම හා දූෂණයට ලක් කිරීමේ චෝදනාවලට වැරදිකරු ප්‍රකාශ කිරීම නිසා ඔහුට වසර පහහමාරක සිරදඬුවමක් නියම වුණා.
එම චෝදනාවලටම වැරදිකරු වන වෙලින්ටන් ප්‍රදේශයෙන් පදිංචි 35 හැවිරිදි ෂාෆික් යුනුස්ට හා 38 හැවිරිදි දම්පාද් හුසේන්ට වසර හතරහමාරක සිරදඬුවම් නියම වුණා. පස්වෙනි විත්තිකරුට එරෙහිව තිබූ චෝදනා ඔප්පු නොවීම නිසා ඔහු නිදහස් කරනු ලැබුවා.
නඩු විභාගය ආරම්භයේදී චූදිතයින්ට චෝදනා ඉදිරිපත් කළ මිෂෙල් හීලි නීතිඥවරිය "මෙම නඩුවෙන් හෙළිවන්නේ තරුණ දැරියක් කායික විලුම්පනයට ලක් වූ ආකාරයයි. හරියට මස් කෑල්ලක් එකිනෙකා අතර හුවමාරු කරගන්නා ආකාරයට මොවුන් විසින් මෙම දැරිය හුවමාරු කරගනිමින් වරින්වර දූෂණයට ලක් කර තිබෙනවා.." ලෙස සඳහන් කළා.
එසේම නඩුව අතරතුරදී එක් එක් විත්තිකරුවන් සමඟ පොලිස් නිලධාරින් විසින් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාද ජූරි සභිකයින්ට පෙන්වනු ලැබුවා.
එසේම වසර දෙකක් තිස්සේ තමා දූෂණයට ලක් වූ ආකාරය පිළිබඳ සියලු තොරතුරු ජූරි සභාව වෙත රහසිගතව ඉදිරිපත් කිරීමට ඇයට හැකි වී තිබුණා.
මෙම සිදුවීම් සියල්ලම සඟවාගෙන සිටියේ තම ජීවිතයට හානියක් සිදුවේය යන බියෙන් බවයි ඇය විනිසුරුවරයා හමුවේ සඳහන් කර සිටියේ.
රෝහණ ආර්යරත්න


Top