Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2020 January 15
1,090
Views
බටපොල කොබෙයිතුඩුව ප්‍රදේශයේ වෙළඳසළක් අසල දී අද (15) අලුයම පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි බටපොල පොලිසිය පවසයි.මෙසේ ඝාතනය කර ඇත්තේ බටපොල කහටපිටිය පදිංචිකරුවකු වන පොන්නම්පෙරුම ආරච්චිගේ රංජිත් හෙවත් බේබි (40) නැමැත්තා බව හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා ඊයේ රාත්‍රි මීටියාගොඩ ප්‍රදේශයේ මළ ගෙදරකට ගොස් තවත් අයෙකු සමඟ යතුරුපැදියකින් පැමිණෙමින් සිටියදී වෙළඳසල ඉදිරිපිට නවතා තිබේ.

එම අවස්ථාවේ පැමිණි කිහිප දෙනෙකු යතුරුපැදිය මතදිම තියුණු ආයුධවලින් පහරදී කපාකොටා මෙම ඝාතනය සිදුකර ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා බටපොල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top