Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2020 January 15
4,015
Views
අසර්බයිජාන්හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ මෘත දේහයන් අද (15) පෙරවරු 9.20ට කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන එන බව විදේශ කටයුතු අමාත්‍යාංශය මීට ස්වල්ප වේලාවකට පෙර නිවේදනය කළේය.මෙම මෘත දේහයන් දිවයිනට ගෙන්වීමට කටාරයේ දෝහා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් , ඉරානයේ ටෙහෙරාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් කටයුතු කරනු ලැබීය.

අසර්බයිජානයේ සිට දේහයන් මෙරට ගෙන්වීම සදහා වැයවෙන ගාස්තු සදහා විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි රුපියල් ලක්ෂ 15 ක රජයේ මුදල් ලබා දෙන ලදී .

සිසුවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමත් සමඟ කඩිනමින් මෘත දේහයන් ගෙන්වීමට විදේශ සබඳතා අමාත්‍යාංශය කටයුතු කළේය.

අසර්බයිජාන්හි බකු අගනුවර කැස්ෆියන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි මෙරට ශිෂ්‍යාවන් තිදෙනෙකු විෂ දුමක් ආඝ්‍රහණය වීම හේතුවෙන් පසුගිය 9 වැනිදා ජීවිතක්ෂයට පත් විය.

එම ශිෂ්‍යාවන් නැවතී සිටි නේවාසිකාගාරයේ පහත මාලයේ හටගත් ගින්නකින් පසු එහි දුම ආඝ්‍රහණයවීම හේතුවෙන් ඇති වු අසාමිකතාවක් මත ශිෂ්‍යාවන් තිදෙනා රෝහල් ගත කර ඇති අතර එහිදී ඔවුන් මියගොස් තිබිණි.

කඩුවෙල සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචි ශිෂ්‍යාවන් තිදෙනෙකු සිද්ධියෙන් මියගියේය.මොවුන් වයස අවුරුදු 21, 23 සහ 25 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු විය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top