අස්වැන්න නෙලීමේ උත්සවය යන අරුත සහිතව ලොව පුරා දෙමළ ජනතාව අද තෛපොංගල් උත්සවය සමරනු ලබනවා.
හින්දු දින දර්ශනයට අනුව අදින් ආරම්භ වන්නේ අලූත් අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ දිනයයි. කෘෂිකාර්මික ජීවිතය හා බැදුණු ජනයා අස්වනු නෙලන අවස්ථාවේ සිට සමරන තෛපොංගල් උත්සවයෙන් තමන්ට උපකාර කළ සුර්යයා, වර්ෂාව සහ ගොවි සතුන්ට කෘතවේදීත්වය පළ කරනු ලබනවා.
තෛපොංගල් උත්සවය නිමිත්තෙන් අද දිනයේ නුවරඑළිය සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සුරාසැල් වසා දැමීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා. එමෙන්ම මහියංගණය හා රිදීමාලියැද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර බදුල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවලද අද දිනයේ සුරාසැල් වසා තැබෙනු ඇති.
තෛපොංගල් උත්සවයෙන් අපේක්ෂිත අරමුණු සාධනය කරගැනීමට නම් ලක්වැසි සියලූදෙනා එකිනෙකා අවබෝධ කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
තෛපොංගල් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ආලෝකයෙන් අඳුර නැසෙන්නා සේම සමගියෙන් අසමඟිය දුරුවන බවයි.
ශ්‍රී ලාංකිකයන් එකී පදනම මත සිටිමින් සෞභාග්‍යය කරා ගමන් කළ යුතු බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළා. තෛපොංගල් මංගල්‍යය සමරන ශ්‍රී ලාංකික දෙමළ සහෝදරත්වය සමඟ තමන්ද සතුටින් එම සැමරුමට එක්වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
සියලූදෙනාට සුහදත්වය සහ අන්‍යනෝන්‍ය අවබෝධය උදාකරගත හැකි වැදගත් අවස්ථාවක් ලෙස තෛපොංගල් උත්සවය හැඳින්විය හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. කෘෂිකර්මාන්තය හා බැඳුනු පවුල් වෙනුවෙන් පෙනී සිටින බවට ප්‍රතිඥාවක් දෙන අග්‍රාමාත්‍යවරයා සියලූ අභියෝගවලට මුහුණදී ශ්‍රී ලංකාවේ නව පරිච්ෙඡ්දයක් ආරම්භ කිරීමට සූදානම් බවද සියලූ හින්දු බැතිමතුන් වෙනුවෙන් තෛපොංගල් සුබපැතුම් එක්කරමින් සඳහන් කර තිබෙනවා.
සමානාත්මතාව සහ කෘතවේදීත්වයේ අගය මෙන්ම සොබාදහමේ වැදගත්කමද තෛපොංගල් උත්සවයේදි පෙන්නුම් කරන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය සුබපැතුම් පණිවුඩයෙන් සඳහන් කරන්නේ. සාමකාමී නිදහස් රටක් ගොඩනැගීමට කැපවීම සැමගේ වගකීම වන බවද අද දිනයේ සිහිපත් කෙරෙන බව ඔහු ප්‍රකාශ කළා.