Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2020 January 15
2,298
Views
අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
 
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් මොහු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදියි.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ වරෙන්තුවක් නිකුත් කළා.
 
ඒ, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඩ පට සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන්ට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඇ දෙක ව්‍යවස්ථාව යටතේ කටයුතු කරන ලෙස නීතිපතිවරයා ලබාදුන් උපදෙස්වලට අනුවයි.
 
මෙකී වගන්තිය යටතේ පුද්ගලයෙකුට එරෙහිව නීතිමය පියවර ගත් පළමු අවස්ථාව ලෙස මෙය සැළකෙනවා.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් සිදුකර තිබූ දුරකථන සංවාද ඇතුළත් ආන්දෝලනාත්මක හඩපට සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල වාර්තා කොළඹ අපරාධ කොට්ඨාසය නීතිපතිවරයා වෙත යොමුකර තිබුණා.
 
එම විමර්ශන උදෘත සහ හඩපට සම්බන්ධයෙන් සිය උපදෙස් ලබාදෙමින් නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම්දී තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඇ දෙක ව්‍යවස්ථාව යටතේ අධිකරණ වරෙන්තුවක් ගෙන ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසටයි.
 
එසේම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් විනිසුරුවරුන් වන පද්මිණී රණවක ගුණතිලක, ගිහාන් පිලපිටිය සහ ධම්මික හේමපාලගේ අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමේදී බලපෑමක් කිරීමෙන් හෝ ඊට තැත් කිරීමේ අපරාධය සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කිරීමට ප්‍රමාණවත් කරුණු පවතින බවද නීතිපතිවරයා දැනුම්දී තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top