Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2020 January 14
ඉන්දීය නායක විරාට් කෝලි නව ලෝක වාර්තාවක් අභියස සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඒ, ජාත්‍යන්තර කණ්ඩායමක ක්‍රිකට් නායකයෙකු ලෙස වැඩිම ශතක රැස් කිරීමේ වාර්තාවයි.
මේ වන විට ඕස්ට්‍රේලියාවේ හිටපු නායක රිකී පොන්ටින් ශතක 41ක් රැස් කර ගනිමින් එම වාර්තාව උසුලන අතර, බංග්ලාදේශයට එරෙහිව පසුගිය නොවැම්බරයේ රැස් කළ ශතකයත් සමඟ කෝලි එම වාර්තාව සම කළා.
සංචාරක ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර එක්දින තරගාවලිය අද මුම්බායි හිදී ඇරඹෙන අතර, එම තරගාවලියේදී ශතකයක් රැස් කර ගත හොත් විරාට් කෝලිට එම ලෝක වාර්තාව අභිබවා යාමට හැකි වනු ඇති.
මේ අතර, පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේදී නව පන්දු යැවීමේ වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
කුල්නා ටයිගර්ස් පිළ නියෝජනය කරන ඔහු රාජ්ෂානි රෝයල්ස් පිළ සමඟ ඊයේ පැවති තරඟයේදී පන්දු වාර 4ක් යවා ලකුණු 17කට කඩුලූ 6ක් බිද හෙලා තිබෙනවා.
තරඟයෙන් කුල්නා ටයිගර්ස් පිළට ලකුණු 27ක ජයක් හිමි වුණා.
Top