Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2020 January 14
2,126
Views
දේශගුණ විපර්යාසවලට පියවර නොගැනීම ගැන විරෝධය පාමින් රංගන ශිල්පිනි ජේන් ෆොන්ඩා මූලිකත්වයෙන් සතිපතා සංවිධාන කරනු ලබන උද්ඝෝෂණ මාලාවේ පසුගිය සිකුරාදා දින පැවැත්වූ උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට පත්වූවන් අතර 77 වැනි ගෝල්ඩන් ග්ලොබ්ස් සම්මානයට පාත්‍ර වූ රංගන ශිල්පී වකීන් ෆීනික්ස් සහ රංගන ශිල්පී මාටින් ෂීන් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම උද්ඝෝෂණයේ දී පුද්ගලයින් 147 දෙනෙක් අත්අඩංගුවට පත්වූ බව එක්සත් ජනපද වොෂින්ටන් අගනුවර පොලිසිය ප්‍රකාශ කර ඇති නමුත් නම් ලැයිස්තුවක් ලබා දී නොමැත.

අනවසර ජනරාශිය, බාධා කිරීම හෝ මහජන හිරිහැරය යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජේන් ෆොන්ඩා දේශගුණ විපර්යාස උද්ඝෝෂණ මාලාව ඉකුත් ඔක්තෝබරයේ වොෂින්ටන් අගනුවර දී ඇරඹි අතර මේ ගෙවී යන්නේ එහි 14 වැනි සතිය යි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top