Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2020 January 14
ඕස්ට්‍රේලියාව විනාශකාරි ලැව්ගිනි සමූහකයට ලක් වුණා. එමඟින් මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් සහ සත්වයින්ද බොහෝ ප්‍රාමාණයකට ජීවිත අහිමි වුණා.
ගින්නට හසු වී මිනිසුන්ගේ නිවාස සහ දේපළවලටද ගිණිය නොහැකි තරම් හානියක් සිදු වුණා.
මෙසේ ලැව්ගින්නට හසු වී සියල්ල නැති වී ගිය ඕස්ට්‍රේලියානුවන්ට ආධාර කරන්නට බොහෝ රටවල් මෙන්ම විවිධ ධනවතුන්ද ඉදිරිපත් වී සිටිනවා.
මේ අතර විපතට පත්වූ ඕස්ට්‍රේලියාවට ආධාර දෙන්න ඇමරිකානු ජාතික තරුණියක් කළ අමුතු වැඩක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කේලන් වෝඩ් නම් 20 හැවිරිදි මෙම ඇමරිකානු නිරූපිකාව විසින් ඇයගේ ට්විටර් ගිණුමේ පළ කොට තිබුණේ සහන සේවා කටයුතුවල නියැලී සිටින ආයතනයක ගිණුමට ඩොලර් 10 ක් පරිත්‍යාග කරන ඕනෑම කෙනෙකුට තමාගේ නිරුවත් පින්තූරයක් යවන බවයි.
මෙසේ ට්විටර් පණිවිඩය තබා පැය 24ක් යන්නටත් පෙර ඇමරිකානු ඩොලර් 100000 එනම් රුපියල් ලක්ෂ 180ක් පමණ මුදලක් ඇයට හිමි වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
කෙසේ වෙතත් ඇය විදෙස් පුවත්පතකට පවසා තිබුණේ ඇයගේ මෙම තීරණය නිසා ඇයගේ පෙම්වතාද ඇය සමඟ අමනාප වූ බවයි.


Top